IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුරකථන ඇරියුමෙන් මංගල්‍යට යන්න හදද්දී දිනය පහුවෙලා

ඔවුහු අනුරාධපුරයේ පදිංචි යුවළකි. දිනක් මහනුවර ප‍්‍රදේශයේ ඥාති සොහොයුරියක් ඔවුනට දුරකථන ඇමතුමක් දෙමින් තම දියණියගේ මංගල්‍යය නුවර හෝටලයක පවත්වනු ලබන බවත්, වැඩ කටයුතු අධික බැවින් පැමිණ ආරාධනා කිරීමට නොහැකිවීම ගැන අමනාප නොවන ලෙසත් නොවරදවාම එයට සහභාගි වන ලෙසත් ඉල්ලා සිටියාය.
ඒ අනුව උත්සවයට සහභාගි වීම සඳහා සැමියා සහ බිරිය තීරණය කළහ. ඒ වෙනුවෙන් ඔවුහු අධික මුදලක් ගෙවා ඇඳුම් ආයිත්තම් මිලදී ගත්හ. විවාහ මංගල්‍යයට පෙරදින කාන්තාව රූපලාවන්‍ය ආයතනයකට ගොස් මුහුණද පේෂල් කරවා ගත්තේ කාටත් නොදෙවෙනි ලෙසට සහභාගි වීමටය.
එදින රාත‍්‍රියේ කාන්තාව නුවර තම ඥාති සොයුරියට දුරකථන ඇමතුමක් ලබාදී නංගී හෙට අයියයි මමයි වෙඩින් එකට කෙලින්ම හෝටලේට එනවා. අපිට හෝටලේට එන පාර කියන්න යැයි කීවාය. මොකටද හෝටලේට එන්නේ? නෝක්කඩු ස්වරූපයකින් ප‍්‍රශ්නයක් ඇසිණි. ඇයි මොකද වෙඩින් එක කල් ගියාද? අනුරාධපුර අක්කා යළිත් ඇසුවාය. වෙඩින් එක තිබ්බේ දාහතර නේ. ඥාති සොහොයුරිය පැවසුවේ අමනාපයෙනි. ඇයි එදා නංගීනේ ටෙලිෆෝන් කරද්දී කීවේ වෙඩින් එක දාහත් වෙනිදා කියලා යැයි කීවිට දුරකථනය විසන්ධි විය. ටෙලිෆෝන් එකෙන් වෙඩින් වලට ඉන්වයිට් කරන කාටත්  ඕවා හොඳ පාඩම් අඩුගානෙ එස්.එම්.එස්. එකක් වත් ගැහුව්වා නම් ඉවරයිනේ. අනුරාධපුරයේ සැමියා තම බිරියට පැවසීය.
 



අදහස් (0)

දුරකථන ඇරියුමෙන් මංගල්‍යට යන්න හදද්දී දිනය පහුවෙලා

අතුකෝරල Friday, 01 March 2013 10:27 AM

OIC මහත්තයා අදත් කථාවක් ලියලා වගෙයි. මෙයා සේවය කරන්නේ අපේ ආයතනයේ. දවසම හොද කථා හොයහොය ලියනවා.(නදී)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 08:16 AM

කමක් නැහැ ඇදුමට විතරනේ සල්ලි ගියේ. තෑග්ග දුන්නේ නැහැනේ.(නදී)

:       0       0

සරත් Tuesday, 26 February 2013 09:21 AM

ඊළඟ මගුල් ගෙදරට අලුතෙන් කරන්න ඕන පේෂල් එකක් විතරයි. මහත්තයට ලාබයි. (ස)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 03:11 PM

අපරාදේ! පොඩි ෂොට් එකක් දාගන්න තිබුණු අවස්ථාව.... (නි)

:       0       0

හේරත් Tuesday, 26 February 2013 06:42 PM

මගේ නෝනේ නුඹ නාඩන් ඊළගට හොද මගුලක යන්... (නි)

:       0       0

රුවිනි Thursday, 28 February 2013 03:23 AM

මංගල උත්සව වලට ආරාධනා කරන්න දුරකතන මොකටද? අපේ පැරණි විදියට බුලත් අතක් පාවිච්චි කරලා ඇයි ඒක කරන්න බැරි? (නි)

:       0       0

රොෂාන් Tuesday, 26 February 2013 02:04 PM

දැන් ඉතින් බිරිඳට සතියක් විතර නාන්නේ නැතිව ඉන්න කියන්න.. අපරාදේ පේෂල් එක (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site