(අම්බලන්තොට සනත් ගමගේ)
දුරකතන පෙමක පැටලුණු උසස් පෙළ සිසුවියකට ඇගේ ගෙල බැඳි රන්මාලයෙන් පෙම්වතාට වන්දි ගෙවීමට සිදුවූ පුවතක් අම්බලන්තොට පොලිසියෙන් වාර්තා වේ.
දුරකතනයෙන් දැන හඳුනාගත් මෙම පෙම්වතුන් දෙදෙනාගේ කතාබස්වලට අනුව අම්බලන්තොට ප්‍රදේශයේ බස් නැවතුම අසල දී හමුවිය යුතු බවට යෝජනා කරගෙන තිබුණි. පෙම්වතා නගරයේ ත්‍රිරෝද රථයකින් පැමිණ සිය දුරකථනයෙන් පෙම්වතියට ලබා දුන් සංඥා මත හඳුනාගැනීමෙන් පසු ත්‍රි රෝද රථයේ නැග ගමන් ආරම්භ කර තිබේ.
දෙදෙනා නිවෙසකට ගොස් පෙම්වතියට යම් යම් යෝජනා කර ඇති අතර කෙසේ හෝ ඉන් මිදීමට පෙම්වතිය උත්සාහ කළද පෙම්වතා ඊට ඉඩ නොදීමෙන් දෙදෙනා අතර මත භේදයක් ඇති වී සිය පෙම්වතියගේ ගෙල බැඳි රන්මාලය කඩා ගත් පෙම්වතා තවත් ත්‍රීරෝද රථයකින් පෙම්වතිය නගරයට රැගෙන ගොස් බස්සවා පෙම්වතා පලා ගොස් ඇත.
දුරකතන පෙමේ පල විපාක විඳි උසස් පෙළ සිසුවිය සුපුරුදු පරිදි උපකාරක පන්ති නිමවා ගෙදර ගොස් කිසිම සිදුවීමක් නොවූ ගානට නිවෙසේ කාලය ගත කරමින් සිටින අතර සිය පියා දියණියගේ ගෙල බැඳි රන්මාලය නොදුටු හෙයින් මාලය කොයිදැයි විමසා ඇත. තරමක් පැකිලුණු දියණිය සිය පියාට සිද්ධිය පැවැසීමෙන් පසු දියණියද කැටුව අම්බලන්තොට පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ලබාගත් තොරතුරු මත සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ. පෙම්වතියගේ ගෙලබැඳි රන්මාලය කඩා ගැනීමේ දී මාලය දෙකඩ වී එය අම්බලන්තොට රන්බඩු වෙළෙඳසලකින් සකසා උකස් කිරීමේ මධ්‍යස්ථානයට ගොස් උකස්කර රුපියල් 20000 ක් ගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. අදාළ කුවිතාන්සිය සැකකරුගේ සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. සැකකාර තරුණයා මත් කුඩුවලට ඇබ්බැහි වූ අයකු බවත් පොලිසිය කියයි.
2025 ඔක්තෝබර් මස 08
1534
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1350
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුරකතන පෙම මෝදුවී මාලයෙනුත් වන්දි ගෙවලා