IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුරකතන ඇමතුමකින් බල්ලාත් හොල්මන්

(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
මාතර ප්‍රදේශයේ සිට රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයට කුරුඳු තැලීමට පැමිණි පිරිසෙන් එක් අයකුගේ ජංගම දුරකථනයක් බල්ලකු රැගෙන ගොස් එය සපා කෑමට සූදානම් වනවිටම එය නාදවීමෙන් බියට පත් සුනඛයා එය අතහැර දමා දුවයාමෙන් රුපියල් 65000කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය බේරාගැනීමේ පුවතක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා විය.


වාර්තා  වන අන්දමට සිද්ධිය මෙසේය. 


මාතර ප්‍රදේශයේ සිට රත්ගම ප්‍රදේශයට කුරුඳු තැලීම සඳහා කණ්ඩායමක් පැමිණි අතර ඉන් එක් අයකුගේ අත තම හිතවතකු විසින් විදේශ රටකින් එවන ලද රුපියල් හැට පන්දාහක් පමණ වටිනා ජංගම දුරකතනයක් ද විය.


මෙම පිරිස කුරුඳු තැලීමට වාඩියට පැමිණ කුරුඳු කපාගෙන විත් වැඩ ආරම්භ කළ අතර මොහු තම වටිනා ජංගම දුරකථනය තමා අසලින් තබා කුරුඳු තැලීම ආරම්භ කළේය. ටික වේලාවකින් බලන විට දුරකතනය අතුරුදන් වී ඇත. මේ ගැන සොයා බැලූ ඔහු පැමිණි අනෙක් සගයන් සමග ද දබර කරගනිමින්  කෑගසන්නට වූයේ මෙම දුරකතනය ගැන ඔහු පුරාජේරු කතා කියන බැවින් සගයකු විසින් එය සොරකම් කරන්නට ඇතැයි සිතූ බැවිනි.


කෙසේ වුවද එම ස්ථානයට පැමිණි කුරුඳු ඉඩම් හිමියා පැවසුවේ සෙරෙප්පු ආදිය කන බල්ලකු සිටින බවත් ඌ මෙය ගෙන ගියා දැයි සැක සහිත බවත්ය. ඒ අනුව වෙනත් දුරකථනයකින් එම ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගත් අතර ඒ සමගම කැලේ ප්‍රදේශයේ සිටි බල්ලා බියෙන් මෙන් එම ස්ථානයට පැමිණියේය. පසුව කැලය පරීක්‍ෂා කිරීමේදී බල්ලා සැපීමට සූදානම් වූ වටිනා ජංගම දුරකථනය හමුවූ අතර එහි දත් පහරවල් කීපයක් ද වැදී තිබිණි. 

 



අදහස් (0)

දුරකතන ඇමතුමකින් බල්ලාත් හොල්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site