IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුරකතනයෙන් නැළවූ පෙම්වතා හැබැහින් දැක්කාම දවල් තරු පෙනිලා

(මාවතගම - කාන්චනමාලා බණ්ඩාර)
වසර හතරක් තිස්සේ එකට සිටි සැමියා එපා කියා නුදුටු පෙම්වතා සමග යනවා යැයි කී බිරිය නුදුටු පෙම්වතා දුටුදාම එපා වීමේ සිදුවීමක් මාවතගම පොලිසියෙන් වාර්තා වෙයි.


මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම තරුණ අඹුසැමි යුවළ සතුටින් සාමයෙන් කල්ගත කළේ එකම කාර්යාලයක ද සේවය කරමිනි.


කාලය ගතවෙද්දී බිරිඳ දුරකතනයෙන් කා සමග හෝ නිතර නිතර දොඩමලුවන ආකාරයක් සැමියාට දකින්නට ලැබිණි.


ටික කාලයක් ඉවසා සිටි සැමියා බිරිඳගෙන් ඒ ගැන විමසුවේ වෙනත් කළ හැකි දෙයක් නොවන නිසාය.


මේ වනවිටත් දුරකතන මිස් කෝල් එකකින් ආරම්භ වූ ප්‍රේමයකින් මුසපත්වී සිටි බිරිඳ උරණ වී සැමියාට බැණ වදින්නට වූවාය.


දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම කෙළවරවූයේ “මම එයා එක්කම යනවා මට ඔයා එපා වෙලා ඉන්නේ” යැයි කියමිනි.


සැමියා කිසිසේත් බලාපොරොත්තු නොවූ බිරිඳගේ මේ වදන් හදවතට මහත් වේදනාවක්ම විය. ඔහු වහා මාවතගම පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කළේ තම බිරිඳ අනියම් ප්‍රේමයක පැටලී සිටින බවටය.


පොලිසිය වහා ක්‍රියාත්මක වී පවුල් අවුල් විසඳීමේ ළමා හා කාන්තා අංශය වෙත දෙපිරිසම කැඳවීය.


සැමියාත් බිරියත් බිරිඳගේ නුදුටු පෙම්වතාත් කැඳවා තිබිණි. බිරිය මාසයක කාලය තුළ දුරකතනයෙන් හඳුනා ගෙන සිටි මෙතෙක් නුදුටු පෙම්වතා එදින ඔවුනොවුන් දැකගත්හ.


තමා ප්‍රේමයෙන් මුසපත් කළ නුදුටු පෙම්වතා දැක ඇයට අන්දමන්ද වූවාය. “දුරකතනයෙන් කතා කළ ඔහුමද මේ” ඇයට සිතිනි.


දුරකතනයෙන් සුරංගනා කතා කී ඔහුගේ මුහුණ දුටුදාම ඇයට ඔහු එපා විය. තමා මවාගෙන සිටි රුව එහි නොවීය.


මාවතගම පොලිසියේ කාන්තා අංශයේ ස්ථානාධිපති ඉන්දිකා දැල්කඳුර මහත්මිය බිරිඳගෙන් කරුණු විමසීය.


“අනේ මට නම් බෑ එයා එක්ක යන්න මට මගේ මහත්තයාම හොඳයි” අවසානයේ බිරිය පොලිසියට පැවසුවේය. දෙපිරිසටම අවවාද කිරීමෙන් පසු සැමියාත් බිරියත් එකට යනු දක්නට ලැබිණි.


මාවතගම පොලිසියේ සිදුවීමකි.



අදහස් (2)

දුරකතනයෙන් නැළවූ පෙම්වතා හැබැහින් දැක්කාම දවල් තරු පෙනිලා

Walter White Tuesday, 24 December 2019 07:14 AM

ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මහිමය....

:       0       32

Su Wednesday, 25 December 2019 01:22 PM

මාවතගම අය ඔහොම තමයි

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site