IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුරකතනයක් සොරාගෙන කුඩු ගහලා: සයිකලේ උකස්කර දුරකතනය දෙන්න වෙලා

(රාජාංගණය නුවන් කුමාර)
තඹුත්තේගම ව්‍යාපාරිකයකුගෙන් සොරකම් කළ වටිනා ජංගම දුරකතනයක් උකස් කර හෙරොයින් පානය කළ තරුණයකුට තම පාපැදිය උකස් කර ජංගම දුරකතනයේ උකස බේරාගැනීමට සිදුවූ පුවතක් තඹුත්තේගම නගරයෙන් වාර්තා වේ.


සිද්ධිය සැකවින් මෙසේය.


තරුණයන් දෙදෙනකු තඹුත්තේගම අයිස්ක්‍රීම් වෙළෙඳ සලකට අයිස්ක්‍රීම් ලබා ගැනීමට පැමිණීම පුරුද්දක් කරගෙන තිබිණි. මෙම මිතුරන් දෙදෙනා මෙම වෙළෙඳ සලට පැමිණ සිටි අවස්ථාවේ මේසයක් මත ජංගම දුරකතනයක් තිබෙනු දුටු එක් අයෙකු එය සොරාගෙන තිබේ.


තම මිතුරා අත විශේෂ වර්ගයේ ජංගම දුරකතනයක් තිබෙනු දැක එය කොහෙන්දැයි විමසූ විට අයිස්ක්‍රීම් වෙළෙඳ සලේ තිබී සොරාගත් බව ඔහු පවසා ඇත.


දුරකතනය සොරාගත් මිතුරා එය ත්‍රිරෝද රථ රියදුරකුට රුපියල් දෙදහසකට උකස්කොට රුපියල් 1200 ක හෙරොයින් පානය කර ඇත. අනෙක් මිතුරා අයිස්ක්‍රීම් වෙළෙඳ සලේ හිමිකරු හමුවී තමන්ගේ මිතුරා වෙළෙඳ සලෙන් දුරකතනයක් සොරාගත් බවත් ඔහු මේ වන විට රැජින හන්දියේ සිටින බැවින් ඔහු පෙන්වීමට පැමිණෙන ලෙස දන්වා තිබේ.


ඒ අනුව ව්‍යාපාරිකයා තවත් මිතුරන් සමග ගොස් දුරකතනය සොරකම් කළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී තමන් දුරකතනය සොරාගත් බවට පිළිගෙන ඇත. මෙය ගොඩින් බේරා ගැනීමට නම් තමන්ට ජංගම දුරකතනය අවශ්‍ය බව ව්‍යාපාරිකයා පැවසූ විට තමන්ගේ පාපැදිය උකස් කර ජංගම දුරකතනයේ උකස බේරාදී තිබේ.


මිතුරන් දෙදෙනා මේ වන විට විරසක වී ඇතැයි ද වාර්තා වේ.

 



අදහස් (0)

දුරකතනයක් සොරාගෙන කුඩු ගහලා: සයිකලේ උකස්කර දුරකතනය දෙන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site