(පුත්තලම ජූඞ් සමන්ත)
තරුණ කාන්තාවක් දිය නාමින් සිටින අයුරු ඉනිමගකට නැග ජංගම දුරකථනයකින් පටිගත කළ බව කියන අයෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම ඉකුත්දා (31) සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කියයි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ 25 හැවිරිදි එක්දරු මවකි. ඇයගේ සැමියා යුද හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.
සැමියා නොමැති අවස්ථාවලදී සැකකරු තමන්ගේ නිවසට නිරන්තරයෙන් පැමිණ අයුතු යෝජනා ඉදිරිපත් කරන බවත් සිද්ධිය වූ දා තමන් නිවස ආසන්නයේ දිය නාමින් සිටින විට සැකකරු ඉනිමගකට නැග එම අවස්ථාව වීඩියෝ ගත කළ බවත් සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකරු කිසියම් රෝගයකින් පෙළෙන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව පොලිසිය කියයි.
ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
2025 ඔක්තෝබර් මස 08
1534
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1350
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිය නෑ කත වීඩියෝ කළ එක්දරු පියාට කූඩුවේ ළගින්න වෙලා