දේපළ පිළිබඳ දැඩි ඇල්මකින් පසු වූ පුද්ගලයකු ආගමික චාරිකාවක් ගොස් සිටියදී සිදුවූ අලකලංචියකි.
මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේ ජීවත් වූ ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැන හා සත්ව පාලනයයි. ඔහු සතුව තේ, පොල් හා කුරුඳු වගා කළ විශාල ප්‍රමාණයේ ඉඩමක් විය. නිරන්තරයෙන් මෙම ඉඩමෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ඉඩමෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීම ඔහුගේ මූලික අරමුණ විය. වටිනා ගහ කොළින් පිරි තම ඉඩම ඔහු රැක බලා ගත්තේ මහත් ආශාවෙනි. යම් කෙනකුට මොහුගෙන් පොල් ගෙඩියක් හෝ ලබා ගැනීම බොහෝ අසීරු කරුණක් විය.
කොතෙකුත් මුදල් හා දේපළ තිබුනද ගමේ කිසිවකුගේ හෝ ඥාතියකුගේ ගෙදරකටවත් නොගිය මොහු නගරයට යන්නේද පා ගමනිනි. පසුගිය දිනෙක ඔහුගේ මිතුරකු සංවිධානය කළ දින 5 ක වන්දනා ගමනක් සඳහා ඔහුටද ඇරයුම් ලැබිනි. මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් මෙයට අකමැති වූ ඔහු, බිරිඳගේ හා දරුවන්ගේ පෙරැත්තය නිසාත් නොමිලේ ගමන යාමට ලැබුණු නිසාත් පසුව එයට එකඟ විය.
නියමිත දින ගමන යාමට පිටත් වුවත් ඔහුගේ සිත රැඳී තිබුණේ තම ඉඩම පිළිබඳවයි. එයට හේතුව වූයේ තම බිරිඳගේ සොයුරකු විසින් කොස් ගස් දෙකක් කපා ගන්නා බවට ඔහුට දන්වා තිබීමයි. ගමන පිටත් වූ දින රාත්‍රියෙහි ඔහු නින්දට ගියේද මේ ගැන සිතෙහි තබා ගෙනය. එදින මධ්‍යම රාත්‍රියෙහි මොහු එක්වරම කෑ ගසන්නට වූයේ “මගේ ඉඩමේ ගස් කපන්නට එපා” යනුවෙනි. එක් වරම ඇසුණු මෙම ශබ්දයෙන් තද නින්දේ පසු වූ වන්දනා නඩයේ පිරිස බියෙන් තැති ගනිමින් ඔහු අසලට පැමිණියත් ඔහුගේ විලාපය නතර නොවිනි. පසුව නඩේ ගුරු විසින් ලැගුම්ගෙන සිටි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට මේ බව සැලකර සිටි අතර එම හිමියන් විසින් සෙත් පිරිත් සජ්ඣායනය කොට පිරිත් නූල් ගැට ගැසූ පසු පියවි සිහිය ලද ඔහු සාමාන්‍ය තත්ත්වයට පත් විය.
පසුදා උදෑසන මෙම පුද්ගලයා පිළිබඳ හරි හැටි කරුණු අවබෝධ කරගත් එම හිමියන් විසින් ඔහු ඇතුළු පිරිසට මසුරුකමෙහි ආදීනව ඇතුළත් ධර්ම දේශනයක් පැවැත් වූ අතර එයින් සිත පහදවා ගත් ඔහු ඇතුළු පිරිස විහාරස්ථානයේ දියුණුවට ආධාරයක්ද කර සැහැල්ලු මනසින් වන්දනා ගමන නිමාකර නිවසට පැමිණියේ පිං සිතුවිලි පෙර දැරිවයි.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
දේපළ සිහියෙන් නූල් බදින්න වෙලා