IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දින පනින්න කලින් පාන් ගෙඩිය ගෙනියන්න ත්‍රිවිලරයට 250ක් පුදලා

කොත්මලේ - සුදත් එස්. කුමාරසිරි


තමන් රුපියල් 180 කට මිලදී ගත් පෙතිපාන් ගෙඩිය, කල් ඉකුත්වීමට පෙර රුපියල් 250 ක් ගෙවා ත්‍රීරෝද රථයකින්, රාත්‍රී 12.00 ට පෙර නිවසට රැගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා කොත්මලේ ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා විය.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය. 
ඔහු කොත්මලේ ප්‍රදේශයේ ජීවත්ව සිටින දෙදරු පියෙකි. ඔහු නිතරම වාගේ මත්පැන් පානයට ඇබ්බැහිවී සිටින අයෙකි. පසුගිය දිනක ඔහු නගරයට යාමට සූදානම් වූ අවස්ථාවක ඔහුගේ බිරිය පවසා ඇත්තේ, පසුදින දියණියට පාසලට රැගෙන යාම සඳහා පෙතිපාන් ගෙඩියක් රැගෙන එන ලෙසටය.
බිරියගේ එම ඉල්ලීමට අවනත වූ ඔහු මුලින්ම රා තැබෑරුමකට ගොස් රා පානය කොට, හොඳට පදම් වීමෙන් පසුව අදාළ නගරයට ගොස් පෙතිපාන් ගෙඩියක් රුපියල් 180 ක් ගෙවා මිලදී ගෙන ඇත.


එහිදී වෙළෙඳසලේ මුදලාලි පවසා ඇත්තේ පෙතිපාන් ගෙඩිය පසුදින කල් ඉකුත් වන බවය. ඒකට කමක් නැහැ මුදලාලි මම රාත්‍රී 12.00 ට පෙර ගෙදර යන්නම් කියා ඔහු වෙළඳසලෙන් පිටව ගොස් ඇත. 
තරමක් පදම් වී සිටි නිසා, රාත්‍රී 11.20 පමණ වන තුරුත් නගරයේ රැදී සිටියේ ඔහු තවත් කිහිපදෙනෙකු සමග දේශපාලන කතාවකට එක්වෙමිනි. එහිදී එක්වරම පෙතිපාන් ගෙඩිය ගැන මතක්වූ ඔහු මට රාත්‍රී 12.00 ට පෙර නිවසට යා යුතු යැයි පවසා රුපියල් 250 ක් ගෙවා ත්‍රීරෝද රථයකින් තම නිවසට ගියේ පෙතිපාන් ගෙඩිය කල් ඉකුත් වීමට පෙරය.
එලෙස රාත්‍රී 11.50 වනවිට පෙතිපාන් ගෙඩිය ඔහු නිවසට රැගෙන ගියත්, පසුදා උදෑසන පෙතිපාන් ගෙඩිය පරීක්ෂා කිරීමේදී බිරිය දැක ඇත්තේ පෙතිපාන් ගෙඩිය කල් ඉකුත් වී ඇති බව ය.



අදහස් (1)

දින පනින්න කලින් පාන් ගෙඩිය ගෙනියන්න ත්‍රිවිලරයට 250ක් පුදලා

pakeer Monday, 19 August 2024 09:14 PM

මෙයා දේශපාලනය ගැනත් කතා කළාලු නේද? නියමෙට ඇති මේ වගේ අයගේ දේශපාලන දැනුම... අපරාදෙ කියන්න බෑ මේ අයත් දැන් ඉන්න අපේ හොරු දේශපාලකයින්ට හොඳට ගැලපෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site