වියලුව වාර්තාකරු
විදුලි පන්දම් එළියක් දේවතා එළියක් ලෙස වරදවා වටහා ගත් කාන්තාවන් පිරිසක් රෑ මැදියමේ පළාතම දෙවනත් කරමින් දෝංකාර දීමේ සිද්ධියක් ගැන කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
කිසියම් බාරයක් ඔප්පු කිරීම සඳහා දානයක් සූදානම් කර තිබූ ගම්බද ප්රදේශයකි. දානමය කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කාන්තාවන් පිරිසකට දානයේ උදව්වට ආරාධනා කර තිබිණි.
වත්පිළිවෙත් ආවතේව සියල්ල හරි හැටි ඉටු කරන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ පිරිස මැදියම් රැය ඉක්මවා සුළු වේලාවක් ගත වෙද්දී දානය පැවැත්වෙන නිවස බලා පිටත් වූයේ හිරු නැගෙන්නට ප්‍රථම දානයේ සියලු කටයුතු අවසන් කළ යුතු බැවිනි.
දොළ පාරවල්, කුඹුරු නියරවල්, පටු මාවත්, බඩවැටි ඔස්සේ කාන්තාවන් පිරිස එක පෙළට ගමන් ගත්තේ තුන් සරණය ගායනා කරමිනි.
මෙලෙස ගමන් ගත් පිරිස දිය කඳුරක් හරහා යොදා තිබූ ඒදණ්ඩකින් යද්දී ඔවුන් ගමන්ගන්නා මාර්ගයට මීටර් කීපයක් ඈතින් දැක ගන්නට ලැබුණේ විශාල විදුලි ආලෝකයක් දැල්වෙන අයුරකි.
විදුලි ආලෝකය දැකීමෙන් ඉමහත් ප්‍රීතියට පත් පිරිසේ සිටි එක් මාතාවක් මහ හඬින් දෝංකාර දෙමින් අනෙක් පිරිසට පවසා ඇත්තේ අලුයම් යාමයේ තමුන් කරන මේ කටයුත්තට ආශිර්වාද කරන්නට දෙවිකෙනෙකුන් තමුන් ඉදිරියේ බැහැදැක ආශිර්වාද කරන බවකි.
කිසිත් සොයා නොබැලූ සෙසු පිරිස ද ඇය අනුගමනය කරමින් මහ හඬින් දෝංකාර දෙන්නට පටන්ගෙන ඇත්තේ උතුරා යන භක්තියකිනි.
දානය පැවති නිවස දක්වාම සාධුකාර දෙමින් පැමිණි පිරිස දානමය පිංකම පැවැති නිවසේ උදවියට ද එම සිද්ධිය සියැසින් දුටුවාක් සේ පැවසූහ.
කඩිමුඩියේ එහි පැමිණි තරුණයකු කීවේ ‘අනේ ආත්තම්මේ උඹලා ඒදණ්ඩෙන් යද්දි ටෝච් එක ගහගෙන හිටියෙ මම. මං ඒ වෙලාවේ කුඹුරට වතුර හරවන්න ගිහිල්ලයි හිටියේ. උඹලට පාර පේන්නේ නැති හින්දයි මම දුර ඉඳල ටෝච් එක ගැහුවෙ. මේ සද්දේ ඇහිලයි මම දුවගෙන ආවේ’ යනුවෙනි.
දානේ ගෙදර සිටි ගැටිස්සියන්ගේ හිනා හඬ මැද්දේ කාන්තාවන් පිරිස හීන් සීරුවේ නිවසට රිංගා ගත්තේ ‘‘අද කාලේ දෙවියොත් විශ්වාස නැති උන් මේ ගමේ ඉන්නේ’’ යැයි එකිනෙකාට පවසමිනි.
2025 නොවැම්බර් මස 04
60
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දානෙ ගෙදර උදව්වට යද්දී ‘දේවතා එළියක්’ දැකලා