ගයාන් සූරියආරච්චි
රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා විභාගයට මුහුණදීමට දිනය අමතක වී විභාග ශාලාවට ගොස් නැවත මුදල් ගෙවා විභාගය ලිවීමට සිදුවූ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්ත විය.
සිද්ධිය මෙසේය. 
ඔහු කාර්යාලයක සේවය කරන තරුණයෙකි.
කාලයක සිට මෝටර් රථයක් මිල දී ගැනීමට ඇඟිලි ගනිමින් සිටි ඔහු මාසයක් දෙකක් පමණ රියැදුරු පුහුණුව සඳහා පුහුණු පාසලකට ගියේය. රියැදුරු පාසලෙන් ඔහු ඇතුළු සියලු පුහුණුවන්නන්ගේ විස්තර රිය බලපත් නිකුත් කරන කාර්යාලය වෙත යවා විභාගය පැවැත්වෙන දිනය සහ වේලාව ද අයැදුම්කරුවන්ට දන්වා තිබේ.
නියමිත දිනයට තරුණයා ද විභාගය ලිවීමට සූදානම්ව ලක ලෑස්ති වී විභාග ශාලාව වෙත පැමිණියේය. තමා සමග රියැදුරු පාසලෙන් අයැදුම් කළ කිසිදු අයෙක් එදින පැමිණ නොසිටියේය. කෙසේ වෙතත් විභාගය ලිවීමේ අරමුණින් තරුණයා ශාලාධිපතිට පෝරමය ඉදිරිපත් කළේය. ශාලාධිපති පෝරමය හොඳින් නිරීක්ෂණය කළේය.
‘අද ඔයාට විභාගය ලියන්න බෑ.’ ශාලාධිපති පැවැසීය.
‘ඇයි සර්’ අයැදුම්කරු ඇසීය.
‘ඊයේ දිනේට කොහොමද අද විභාගේ ලියන්නේ’ ශාලාධිපති ඇසීය.
තරුණයාගේ දෙලෝ රත්විය.
‘සර් මම හිතුවේ අදයි විභාගේ කියලා. මට මේකට විභාගේ ලියන්න බැරිද?’ තරුණයා විමසීය.
‘ආයේ විභාගේ ලියනවා නම් අදාළ ගාස්තුව ගෙවා අලුත් පෝරමයක් පුරවාගෙන එන්න. ඒකටවත් කල්පනාවක් නැතුව කොහොම විභාග ලියයි ද මන්දා’ යි ශාලාධිපති පැවැසීය.
විභාගය පිළිබඳව රියැදුරු පාසලේ දී විස්තර දැනුම් දෙන අතරතුර දී විභාග දිනය නෑසෙන්නට ඇතැයි තරුණයා පසුව කල්පනා කරන්නට විය.
කෙසේ වෙතත් තමාගේ අතපසුවීමෙන් කනගාටුවට පත් තරුණයා නැවත රියැදුරු පාසල වෙත ගොස් සිදුවූ අකරතැබ්බ පවසා විභාගය ලිවීමට නැවත ගාස්තු ගෙවීමට කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
79
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිනේ අමතක වෙලා: විභාගය ලියන්න වෙන දවසක ඇවිත්