IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුන්හිඳ බලන්න ආ සුද්දාට කුණුහරුප උගන්වලා

(වියලුව වාර්තාකරු)
දුන්හිඳ නැරඹීමට පැමිණි විදේශිකයකුට එහි පැමිණි තරුණ පිරිසක් විසින් කියා දුන් අපභ්‍රංශ සිංහල වචන කීපයක් නිසා දියඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් මහත් අමන්දානන්දයට පත්වූ බව කියවෙන පුවතකි මේ.


සිද්ධිය මෙසේය.


ඉකුත් සතිඅන්තයේ එළැඹි දීර්ඝ නිවාඩුව නිසා දුන්හිඳ දිය ඇල්ලට මහ සෙනගක් පැමිණෙන්නට විය. 


පැමිණි පිරිස අතර විදේශිකයෝද වූහ. 


දිය ඇල්ල නැරඹීමට පැමිණි විදේශිකයින් අතර සිටි එක් තරුණයකු දිය ඇල්ල නැරඹීමට යන ගමන් මග අතරතුරදී හමුවූ තරුණ කණ්ඩායමක් සමඟ කුළුපග වූවේ ඔවුන් සමවයසේවූවන් නිසාම වන්නට ඇත.


තරුණ පිරිස සමඟ අදහස් හුවමාරු කරගත් විදේශික තරුණයා ඔවුන් හා එක්ව ගීත ගායනා කරන්නටත් තරුණයින් පිරිස ගෙනා ආහාරපාන භුක්ති විදින්නටත් වූවේ පිරිස සමඟ හදවතින්ම ළං වෙමිනි.


මේ අතර විදේශික තරුණයාට වඩාත් කුළුපගවූ තරුණයින් කීප දෙනෙකු විදේශිකයාට අපභ්‍රංශ වචන කීපයක් කියාදී ඉදිරියට එන පිරිස්වලට ඒවා කියන්නට සැලැස්සුවේ ඒ තුළින් යම් ආශ්වාදයක් ලැබීමේ අරමුණෙනි.


එම වචන සම්බන්ධයෙන් කිසිදු තේරුමක් නොදත් විදේශීය තරුණයාද තමුන් ඉදිරියට එන තරුණ පිරිස්වලට පමණක් නොව මැදිවයසේ කාන්තාවන්ටද සිනහ මුසු මුහුණින් එම වචන පවසමින් ආමන්ත්‍රණය කරන්නට වූවේ තරුණ පිරිස පමණක් නොව එම වචනවලින් සංග්‍රහ ලැබූවන්ද සිනහ සයුරේ ගිල්වමිනි.


එම වචනවලින් තමුන්ට ලැබෙන ඉහළ ප්‍රතිචාර නිසාම තරුණ පිරිසේ මඟ පෙන්වීම මත එම වචන හොඳින් උච්චාරණය කරමින් යළි යළිත් පවසන්නට වූවේ සිනහ යන මෙම සිංහල වචනවල අර්ථය කුමක්දැයි පවා නොසිතමිනි.


කෙසේ වෙතත් විදේශීය තරුණයා එම සිංහල වචන උච්ඡාරණය කරන අයුරු අසා සිටි වැඩිහිටි පිරිස් පවා ඔහුට දොස් නැගීම පසෙක ලා සිනාසීම නිසා තරුණ පිරිස මෙන්ම විදේශික තරුණයාද ගුටි නොකා මහත් ආශ්වාදයක් ලැබූ බව දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් පැවැසූහ.



අදහස් (0)

දුන්හිඳ බලන්න ආ සුද්දාට කුණුහරුප උගන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site