IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දන්සලෙන් ලකුණු දාගන්න ගිහින් නෝනාගෙන් කුණු බැනුම්

  • කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ

මව්පියන් බැලීමට යාමට ගෙනවිත් රැස්කර තිබූ ආහාර ද්‍රව්‍ය දන්සලකට ලබාදීම  නිසා සැමියා සමඟ උරණ වී ඒවායේ වටිනාකමට මුදල් ඉල්ලූ බිරියක් සම්බන්ධයෙන් වූ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා  වාර්තා විය.

කලක පටන් තම මව්පියන් බැලීම සඳහා කල් යල් බලා සිටි බිරියක, එම ගමන යාම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කිරීමට පියවර ගත්තේ මාස කිහිපයක සිටය.

ඒ අනුව පසුගිය පොසොන් පොහොය දිනය ඒ සඳහා යොදා ගත්තේ මව්පියන්ගේ සුවදුක් බැලීමත් සමඟම වැව් බැඳී පුරවරයට ගොස් අටමස්ථාන වැඳ පුදා ගැනීමේ අරමුණ ඇතිවයි.

ගමන යෑමට පෙර දිනයේ තම ස්වාමියා භාරයේ දරුවන් තබා ඈ නගරයට යන්නේ තවත් අවශ්‍යතා කිහිපයක් ලබා ගෙන ඒමේ අරමුණෙනි.

එහෙත් ඒ අතරතුර ගමේ තරුණ පිරිසක් ඉදිරියේදී එළැඹෙන පොහෝ දිනය නිමිත්තෙන් සංවිධානය කරන දන්සලට  ආහාර එක්රැස් කිරීම සඳහා නිවෙසට පැමිණියහ.

ඒ දුටු නිවෙස්හිමි ස්වාමියා තම බිරිය නෑගම් යෑම සඳහා සකස් කර තිබූ ද්‍රව්‍යවලින් කොටසක් තරුණ පිරිස සඳහා පිරිනැමුවේ තමන් දනට පිනට ඉතා කැමත්තක් දක්වන පුද්ගලයකු ලෙස අඟවමිනි.

මේ  අතරවාරයේ නගරයට ගොස් පැමිණි බිරිය මව්පියන් සඳහා ගෙනයාමට රැස්කර තිබූ ද්‍රව්‍ය ඇස ගැටෙන ස්ථානයක නොමැතිවීම නිසා ඒ පිළිබඳ සැමියාගෙන් විමසන්නට වූවාය.

ඊට උත්තර බඳිමින් සැමියා තමන් එම බඩුමුට්ටු දන්සල සඳහා පැමිණි තරුණයන් සඳහා ලබාදුන් බවට  කියා සිටියේ උජාරුවෙනි.

එය ඇසු බිරිය අම්මලා බලන්නට යන්න වෙන්නේ හිස් අතින් යයි දෙස් දෙවොල් තබන්නට වූ අතර, ලකලෑස්ති කර තිබූ ආහාර ද්‍රව්‍ය  මිල දී ගැනීමට රුපියල් විසි දහසක මුදලක්  වැය වූ බව පවසා එය තම සැමියාගෙන් ඉල්ලා සිටියා ය. 

එය  ඇසූ සැමියාට දෙලොව රත්වූයේ ඒ තරම් මුදලක් හදිසියේ නොමැති වීමත්, සොයා ගැනීමටත් නොහැකි බව සිහිවීමෙනි.



අදහස් (0)

දන්සලෙන් ලකුණු දාගන්න ගිහින් නෝනාගෙන් කුණු බැනුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site