IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දන්සලට ආධාරයක් නොදී සප්පායමට පෝලිමේ

  • කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

බත් දන්සැලෙන් බත් දෙනකම් නොසිට බලෙන් ඉල්ලා ගෙන කෑ තරුණ වෙළෙන්දෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ ගමක තරුණ පිරිසක් සිව් වැනි වතාවටත් පොසොන්පුර පසළොස්වක පෝය දිනයේ බත් දන්සලක් පැවැත්වීමට සංවිධානය කළහ. සෑම පොසොන්පුර පසළොස්වක පෝය දවසකම ගමේ කඩමණ්ඩිය ඉදිරිපිට පවත්වනු ලබන බත් දන්සල මෙවර ද පවත්වන්නට තීරණය කරනු ලැබුවේ කඩ මණ්ඩිය ඉදිරිපිටමය.

ගමේ තරුණයකුගෙන් පමණක් මුදලින් රුපියල් 2500 ක් හා පොල් ගෙඩියක් බැගින් ගැනීමට සති දෙකකට පමණ ඉහතදී කඩ මණ්ඩිය අසල දී තරුණ පිරිසක් එක් වූ අවස්ථාවේ දී තීරණය කර ගත්හ.

මුදලයි පොල් ගෙඩියකුයි දීමට තරුණයෝ 37 දෙනෙක් එම අවස්ථාවේ දීම කැමැත්ත ප්‍රකාශ කළහ. තවත් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගැනීමට පසුදා ගම පුරා යාමට තරුණයෝ කතිකා කර ගත්හ.

තරුණයෝ හත් අට දෙනෙක් පසුදා සවස ගම පුරා ඇවිදින්නට පටන් ගත්හ දුර බැහැර ප්‍රදේශයක වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණයකුගේ නිවසකට තරුණ පිරිස ගියහ. එදින වෙළෙන්දා පදම ඉක්මවා ගොස් යමක් පානය කර සිටින අයුරු තරුණ පිරිසට වැටහුණි. එක් තරුණයෙක් පොසොන්පුර පසළොස්වක පෝය දවසේ පවත්වන්නට යන දන්සල පිළිබඳ වෙළෙන්දාට විස්තර කළේය. ‘‘මල්ලිලා මට නම් දෙන්න සල්ලි නෑ බිස්නස් හොඳටම බැහැලා. ඒ වුණාට බත් ටිකක් කන්න මම එනවා යැයි වෙළෙන්දා තරුණ පිරිස හමුවේ කීවේය.

තරුණ පිරිස වෙරිමරගාතේ සිටි තරුණයාට ‘‘හා අයියේ එන්න’’ යැයි පමණක් පවසා ආපසු හැරී තවත් ගෙවල් කිහිපයකට ගොස් තරුණයන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගත්හ.

අපේ බත් දන්සල මෙවරත් පොසොන් පුරපසළොස්වක පෝය දා සාර්ථකව සිව් වැනි වතාවටත් කඩ මණ්ඩිය ඉදිරිපිට දහවල් 12 සිට පැවැත්වෙන බව දන්වා තරුණයෝ විශාල කටවුට් එකක් ද කඩ මණ්ඩියේ බිත්තියක සවිකළහ. බත්, අඹ ව්‍යාංජනයක්, පරිප්පු ව්‍යාංජනයක්, කොළ මැල්ලු‍මක්, සෝයා මීට් ව්‍යාංජනයක්, පපඩම්, මිරිස් කරල් බැද දීමට තරුණයෝ තීරණය කළහ. 

පෝය දවස උදා විය. කෝකියා මුල්කරගෙන තරුණ පිරිස ලහි ලහියේ කෑම පිසින්නට වූහ. දහවල් 12 වනවිට කොළ මැල්ලු‍ම නොමැතිව සෙසු ආහාර පිළියෙල කර අවසන් කර තිබුණි. ගමේ කාන්තාවෝ කීප දෙනෙක් කොළ බැල්ලුම කපමින් සිටියහ.

දන්සලට ආධාරයක් නොකළ තරුණ වෙළෙන්දා දහවල් 12.20 ට පමණ දරුවන් දෙදෙනෙකු සමග දන්සලට පැමිණියහ.‘‘කෝ දහවල් 12 ට දන්සල පටන් ගන්නවා කිව්වා නේද මොකද ප්‍රමාද යැයි තරුණයින් ගෙන් විමසීය.

‘‘අයියේ පොඩ්ඩක් ඉන්න මැල්ලු‍ම විතරයි පරක්කු මැල්ලු‍ම මලවා ගත්තහම විනාඩි 5 න් දන්සල පටන් ගන්නවා. අනිත් දේවල් සියල්ල සූදානම් කරමින් පවතිනවා යැයි එක් තරුණයෙක් වෙළෙන්දා හමුවේ පැවසීය.”‍ 

මල්ලී වේලාවක් ඔයාලා කටවුට් එකේ දාලා තියෙනවානේ වේලාවට පටන් ගන්න ඕනෑ බලන්න කෝ මිනිස්සු ඉන්න පොලීමේ දිග යයි පැවසීය.

 



අදහස් (1)

දන්සලට ආධාරයක් නොදී සප්පායමට පෝලිමේ

ruwan sameera Tuesday, 13 June 2023 09:10 AM

කෝ කතාවේ ඉතුරු ටික

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17744 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site