IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දැන්වීමට ආ රත්තරන් මනාලයා අල්ලන්න දැල් දාන්න වෙලා

රජරට පදිංචි මැදි වයසේ කාන්තාවකි. වසර ගණනාවක් විදේශගතව සිට මුදල් උපයාගෙන මවු රටට පැමිණෙන විට ඇයගේ කල වයස ද පසුවී තිබුණි. ඉක්මනින්ම විවාහයක් කර ගන්නා අදහසින් ඇය පුවත්පතක මංගල දැන්වීම් තීරයේ දැන්වීමක් පළ කළාය. දැන්වීම පළ දරමින් දින දෙකක් යන්නට මත්තෙන් මනාලයෙක් ඈ සොයා පැමිණියේය. මනාලයා හොඳ සල්ලිකාරයෙක් වගේය. ඔහුගේ අතෙහි පවුම් හතරක් පහක් පමණ වෙතැයි සිතිය හැකි පළඳනාවකි. ගෙලෙහි බලූ දම්වැලක් තරම් මහත රන් මාලයකි. මම මේව ගත්තෙ ඊයෙ. ගෙදර ගියොත් ඔයාට මෙච්චර ලොකු රත්තරන් බඩු  ඕන නෑ කියල අම්මා ගලවා ගන්නවා. මේව ඔයා ළඟ තියාගන්න” මනාලයා රන් දම්වැලත්, අත් පළඳනාවත් ගලවා කාන්තාව අත තැබුවේය. හමුවූ පළමු දිනයේදීම තමා ගැන විශ්වාසවන්තව සිතන සල්ලිකාර මනාලයකු හමුවීම ගැන ඇය ඉමහත් සතුටට පත්වූවාය. ”ඔයාගේ කර පාළුයිනෙ. මේක දාගන්න” කාන්තාව විදේශයක බැල මෙහෙවර කර ඉපයූ මුදලින් මිලට ගෙන තිබූ පවුම් හතරක රන් මාලය එක් දින මනාලයාගේ ගෙලෙහි පැළඳුවාය. මනාලයා කාන්තාවගේ නිවසින් පිටව ගියේ දිවා ආහාරය ද ගැනීමෙන් අනතුරුවය. එදින රැයේම අදාළ කාන්තාව සිය මනාලයාට දුරකතන ඇමතුමක් ලබාගත්ත ද එම අංකය භාවිතයේ නොමැති බව දැනගන්නට ලැබුණි. රන් භාණ්ඩ හොඳින් පරීක්ෂා කරන විට ඒවා ව්‍යාජ රන් භාණ්ඩ බව හෙළිවිය. අවසානයේදී මනාලයා සොයන්නට පොලිසියේ සහාය පතන්නට ඇයට සිදුවිය. ඒ විවාහ අපේක්ෂාවෙන් නොව, තමාගේ වටිනා රන් මාලය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.



අදහස් (0)

දැන්වීමට ආ රත්තරන් මනාලයා අල්ලන්න දැල් දාන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site