IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දානයට යැවූ හුරුල්ලන් බැදුම මගදි සැමියාට බයිට්වෙලා

දහවල් කඨින දානයට පන්සලට ගෙන යාමට ඇඹේනිය  දුන් බැදපු හුරුල්ලන් මාළුවලට අමුතුම සෙල්ලමක් දැමූ සැමියකුට සැනින් එසැනින් ඒ පව පටිසන් දී නිවසින් යාමට සිදුවූ පුවතක් ගාලු‍ දිසාවේ බල මාළුවට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
සැමියාගේ බේබදුකම ඔවුන්ගේ පවුලේ අගහිඟකම්වල වස්තු බීජය වී තිබිණි. කෙතරම් අගහිඟකම් තිබුණද මහගේ පිනට ලැදිය. ආගමට දහමට කැමතිය. ඒ නිසාම මෙවර සිය විහාරස්ථානයේ කඨින පිංකමේ දහවල් දානයට මිල අඩුවෙන්ම සැකසිය හැකි හුරුල්ලන් මාළු බැදුමක් ඉල්ලා ගත්තාය. ඒ මේ දිනවල හුරුල්ලන් මිල ඉතාම පහතට වැටී තිබූ නිසාය.
ඒ අනුව මහගේ හුරුල්ලන් මාළුව බොහෝම ශ්‍රද්ධාවෙන් පිළියෙළ කර දුන්නේ එහි සුවඳත් එක්ක දානේ පිඟානක් නොව දෙකක් වැළඳිය හැකි ආකාරයටය. සෑදූ මාළුව තමා ලක ලැහැස්ති වී පන්සලට යෑමට සූදානම් වුවහොත් කඨින දානය ඊළඟ දිනට කල් දාන්නට සිදුවෙන බැවින් ඇය සිය බේබදු සැමියා අත එය යැවීමට කටයුතු කළාය.


ඒ කාර්යය සත්කාර්යයක් සේ ඉටු කළ ඕනා කියාගෙන දහවල නගරයට ගියේ එන දවසේ උදේ කඩයප්පම් තැම්බීමට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒ යන අතරතුර කඨිනේ දානයේ සියලු‍ කාර්යයන් නිමවී ආපසු එන විහාරස්ථානයේ ප්‍රධාන දායිකාව ඇයට මුණගැසුණාය. බොහෝම හොඳයි දානයට දෙන්න කියලා හුරුල්ලෝ මාළු බැඳුමක් ලියව ගෙන ඒක නොදුන්නු එක යයි කී විට මහගෙට තරු පෙනුණි. ඇයි අක්කේ මම ගෙදර උන්දෑ අතේ දහවල් හුරුල්ලෝ මාළු ටික එව්වා නේ ඇය කීවාය.
‘‘ඒක කාටවත් ලියන්න දුන්නෙත් නැහැ, අනේ මන්දන්නේ නැහැ උඹලා වගේ මිනිස්සුයි’’ කියමින් ප්‍රධාන දායිකාව ගතු කීවාය.
ආවේශ වූ මහගේ යන ගමන අතරමග නතර කර නිවසට දිව්වේ අඩියට දෙකටය. ඒ සමග බේබදු සැමියා ගොර ඇද ඇද ඇඳේ නිදා සිටියේය. කෝ මිනිහෝ පන්සලට ගෙනියන්න දුන්නු මාළු ටික යයි කියමින් වෙව්ලන සිරුරෙන් දොර මුල්ලේ තිබූ කොස්ස ගත්තේ දෙක තුනක් තඩි බාන්නය.
ඔහුගේ කටින් වහනය වූ සුපුරුදු ගන්ධයෙන් මාළුවලට සිදු වෙන්නට ඇති දේ ඉවෙන් මෙන් තේරුම් ගත් මහගේ කොසු පහර දෙක තුනක් ඔහුගේ පිට හරහා එල්ල කළේ ගාල කඩාගත් හරකෙකුට දෙන්නා සේය.
ආයෙත් මේ පැත්ත පළාතේ පස් පාගන්නට නාවාට කමක් නැතැයි කියමින් ඇය එළව එළවා ඔහුට කොසු පහර එල්ල කළාලු.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

දානයට යැවූ හුරුල්ලන් බැදුම මගදි සැමියාට බයිට්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site