IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දානෙට හදපු පොළොස් හට්ටිය පස්සා දොරෙන් පන්නලා

වියලු‍ව වාර්තාකරු 
සිය ඥාතියාගේ මරණයෙන් පසු එළැඹි තෙමස් පූර්ණ පින්කමේ සාංඝික දානය සඳහා සකස් කර තිබූ පොළොස් ඇඹුලක් වළඳ පිටින්ම රැගෙන ගොස්, තම සේවාදායකයන්ගේ බත් පාර්සල්වලට බෙදා අලෙවි කළ කාන්තාවක පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඇය සාංඝික දානය පැවැති නිවෙසට යාබදව පදිංචි කාන්තාවකි. ඇය මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියකු ද වූවාය. 
 ඇය බත් පාර්සල් සකස් කර නගරයට ගෙන ගොස් අලෙවි කිරීමෙන් අමතර මුදලක් උපයා ගත්තේ පවුලට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවූ බැවිනි.
 මියගිය තම ඥාතියා වෙනුවෙන් එම නිවෙසේ සංවිධානය කර තිබූ සාංඝික දානමය පින්කමට ඇය ද ඇරැයුම් ලැබුවාය. පෙර දින රාත්‍රියේ සිටම ඇය දානය පැවැති නිවෙසේ කටයුතුවලට වරින් වර ගොස් සහාය දැක්වූයේ එය ඥාතියා වෙනුවෙන් කළ යුතු යුතුකමක් යැයි සිතමිනි.


දානය වෙනුවෙන් මාළු ඇඹුල්තියල්, බටු මෝජු, පොළොස් ඇඹුල්, මැල්ලු‍ම්, කොල්ලු‍ ආදි වශයෙන් රසවත් ආහාරපාන රැසක්ම සකස් කළ අතර, ඇය ද එම කටයුතුවලට නොමසුරුව උදව් පදව් කළාය.
පසු දින පැවැති දානමය පින්කම වෙනුවෙන් ඥාතීහු මෙන්ම හිතවතුන් ද විශාල පිරිසක් පැමිණ සිටි අතර, දානයේ කටයුතු අවසන් වීමෙන් පසුව එළැඹියේ පැමිණි අමුත්තන්ට සංග්‍රහ කිරීමේ අවස්ථාවයි. 
දානය සඳහා කොතෙකුත් එළවළු, මස් මාංස සකසා තිබුණ ද බොහෝ දෙනකු කැමැත්තෙන් සිටියේ රැය පහන් වනතුරු මැටි වළඳක පිසුණු තෙල් බේරෙන පොළොස් ඇඹුල ආහාරයට ගන්නටය.
බොහෝ ආහාර වර්ග කෑම මේසය පුරාවට තිබුණත් පොළොස් ඇඹුල තවමත් මේසයට නොපැමිණි බව දුටු පුද්ගලයකු ඉවසන්නට බැරිම තැන පොළොස් ඇඹුල පිළිබඳව නිවැසියන්ගෙන් අසද්දී, නිවෙසේ සිටි ඥාතියකුගේ කටකාර දියණියක් කියා සිටියේ, දානය බෙදීමෙන් පසුව ඉතිරි වී තිබූ පොළොස් ඇඹුල වළඳ පිටින්ම යාබද නිවෙසේ නැන්දණිය පසුපස දොරෙන් රහසේම රැගෙන ගිය බවය.
පැමිණ සිටි තවත් කටකාර දැරියක් කියා සිටියේ, “ආ... අද ඉරිදනේ. සති පොළට එන මිනිස්සුන්ට ඕකෙන් එයා අද බත් පාර්සල් ගහල විකුණන්න ඇති” යනුවෙනි.



අදහස් (1)

දානෙට හදපු පොළොස් හට්ටිය පස්සා දොරෙන් පන්නලා

himal Monday, 11 March 2024 03:45 PM

මොනවද මේ කතා? කතා කරා නම් කටකාර දැරියක්ලු. එතකොට සාමාන්‍ය දැරියක් කියන්නේ කට වහගෙන ඉන්න එකද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 173 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 161 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site