IMG-LOGO

දෙදහසේ ස්වීප් දිනුම ලක්ෂයක් වෙලා

(දූනගහ බටේපොල විජයසිරි)
 දිවුලපිටිය  ප්‍රදේශයේ ජංගම ස්වීප් වෙළෙන්දකුගෙන් ලබාගත් ටිකට්පතකට රුපියල් දෙදහසක ත්‍යාගයක් ඇතැයි පවසා ටිකට්පත හිමිකාරිය ජංගම ස්වීප් වෙළෙන්දාගෙන් රුපියල් දෙදහසක මුදල ලබාගැනීමෙන් පසුව එහි ප්‍රධාන ස්වීප් අලෙවි නියෝජිතයා ඇය කැඳවා ඇයට රුපියල් ලක්‍ෂයක ත්‍යාගයක්ද  හිමි බව පවසා තවත් රුපියල් අනූ අට දහසක් ගෙවීමේ පුවතක් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය.


 දිවුලපිටිය පින්නකැලේ වත්ත පදිංචි කාන්තාවක් පදික වේදිකාවේ ස්වීප් වෙළෙන්දකුගෙන් රුපියල් විස්සකට ලොතරැයි පතක් මිලදී ගත්තාය.


 දිනුම්  ඇදීමෙන් පසු ඇය රුපියල් දෙදහසක දිනුමක් හිමි බව පවසා තමා එය මිලදී ගත් වෙළෙන්දාට එම ටිකට්පත දී රුපියල් දෙදහසක් ඉල්ලා ගත්තාය. 


ස්වීප්  වෙළෙන්දා එම ටිකට් පත තම අලෙවි නියෝජිතයාට දී රුපියල් දෙදහසක් ඉල්ලාගෙන කාන්තාවට දුන්නේය.


 එම ටිකට්පත පරීක්‍ෂා කළ අලෙවි  නියෝජිත රෙමිල් තුෂාර මහතා එම ටිකට්පතට රුපියල් ලක්‍ෂයක  මුදලක් හිමි බව දැන ඇය කැඳවා ඉතිරි රුපියල් අනූ අටදහසක මුදලද ඇයට පිරිනැමුවේය.


 මේ අතර පදික වෙළෙන්දා අලෙවි නියෝජිතගෙන් ටිකට්පත නැවත ආපසු ඉල්ලා ඇතත් එයට කළයුතු සියල්ල සිදුකර හමාර යැයි ඔහු ස්වීප් වෙළෙන්දාට පවසා තිබේ.


 රුපියල් ලක්‍ෂයේ දිනුම හිමිකර ගත් කාන්තාව සතුටු කඳුළු වගුරන්නීය. 

 



අදහස් (0)

දෙදහසේ ස්වීප් දිනුම ලක්ෂයක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site