වයස අවුරුදු 32ක් පමණ වූ දෙදරු මවක් හිටිහැටියේ ආගිය අතක් නැතිවිය. නිවැසියන් බලවත් පරිශ‍්‍රමයක් දරා ඇය සෙවූවද සියලූ උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. නමුත් පුදුමයට කරුණ වූයේ එම ගමට මාළු වෙළෙඳාම පිණිස යතුරුපැදියකින් පැමිණි මාළු අලෙවිකරුද එදිනම අතුරුදන් වී තිබීමයි. ” ඕකි ෂුවර් එකටම පැනලා ගිහින් තියෙන්නේ මාළු වෙළෙන්දෙක් එක්ක තමයි”. ගමේ සියලූ දෙනාගේම මතය එය විය. ඒ අනුව ඇගේ අතුරුදන්වීම පිළිබඳව ඉංගිරිය පොලීසියේ පැමිණිල්ලක් ගොනු කෙරුණු අතර මාළු අලෙවිකරුට එරෙහිවද පැමිණිල්ලක් සටහන් විය. දින පහ හයක පමණ කාලයක් අතුරුදන්ව සිටි මාළු අලෙවිකරු දුරකරතන මාර්ගයෙන් පණිවිඩ යවා ඉංගිරිය පොලිසියට කැඳවනු ලැබීය. තමාට එරෙහි පැමිණිල්ල අසා උඩ බිම බැලූ ඔහු ”මම මගේ නෝනත් එක්ක අළුත්ගම පැත්තෙ අපේ නෑයකුගේ මඟුල් ගෙදරක ගියා” යයි ඔහු පොලීසියට කීවේය. කරුණු සොයා බැලූ කල කතාව ඇත්ත විය. අතුරුදන් කාන්තාවගේ නිවැසියන්ට තරු පෙනුණේ තමන් ගත් තීරණය වැරදි බව හෙළිවූ විටය. සති දෙකක පමණ කල් ගත් උත්සාහයේ ප‍්‍රතිඵල ලෙස අවසානයේදී ඇය සොයාගත හැකි විය. ඇය පැන ගොස් තිබුණේ ඇයට වඩා වයසින් බාල තරුණයකු සමඟය. දෙපාර්ශවයම පොලීසියට කැඳවනු ලැබූහ. ”මට මෙයා හොඳයි. මම එයා එක්ක යනවා. ඔයා ළමයි දෙන්න බලාගෙන ඉන්න” ඇය තම නීත්‍යනුකූල සැමියාට පැවසුවාය. ”එයා හොඳ නම් එයා එක්කම ඉන්න එකයි ඇත්තේ මටත් කමක් නෑ.”සැමියාගේ පිළිතුර විය. සියල්ල සාමකාමීව විසඳුණි. ඇය තම අලූත් පෙම්වතා සමඟ නව කැදැල්ලක් වෙත ඉගිල ගියේ පේ‍්‍රමයේ රස මිහිර විඳීමටය. ඇගේ නීත්‍යනුකූල සැමියා තම දරු දෙදෙනාද සමඟින් නැවතත් තම නිවහන වෙත යාමට පිටත්වූයේ සුසුමක් හෙළමිනි. මාළු අලෙවිකරු නැවතත් පහුවෙනිදා සිට තම සුපුරුදු වෘත්තීය ආරම්භ කළේය. නමුත් තම මව අහිමිව පියා සමග තනිව නිවසට යන කුඩා දරුවන් දෙදෙනා දුටු බොහෝ දෙනෙකුට ”ආනේ අනිච්චං!” යැයි කියවුණේ ඉබේටමය. ඉංගිරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්‍ෂක මුතුකුමාරණ මහතා ඉදිරියේ මේ කතාව දිග හැරුණේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙදරු මව දරු දෙදෙනා සැමියාට බාරදී අලූත් පෙම්වතා සොයාගෙන ගිහින්
W.W.S. Wednesday, 01 February 2012 03:30 PM
මඩුවලිගෙන් තලන්න ඕනා මේ වගේ අයට තමයි.