IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දෙතුන් විටක් සර්...සර්... කිව්වා නම් වැඬේ ඊසි

රජයේ ආයතනයකින් පහසුවෙන් තම කාර්යය ඉටුකර ගත හැකි අපූරු උපදේශයක් පිළිබඳ පුවතකි.


 සිද්ධිය මෙසේය.


 එය අගනුවර ප්‍රදේශයේ කාර්යබහුල මෙන්ම ජනතාව අතර නිතිපතා කතාබහට ලක්වන ප්‍රධානතම පෙළේ රාජ්‍ය ආයතනයකි.


 පසුගිය දිනෙක බිම්තැන්න ප්‍රදේශයේ පාසල් ගුරුවරයකු උදෑසනින්ම එම ආයතනයට ගොඩවූයේ තම රාජකාරී කටයුතු  කඩිනමින් ඉටු කරගෙන තම ගම් ප්‍රදේශය වෙත යාමට ඇති එකම බස් රථයට යළි ගොඩවීමේ අපේක්ෂාවෙනි.


 පිළිගැනීමේ කවුළුවෙන් ලබාදුන් උපදෙස්වලට අනුව අදාළ ලේඛනයේ පිටපතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරමය පිරවූ හෙතෙම පිළිගැනීමේ නිලධාරියාගේ උපදෙස් මත එය නියමිත සේවා කවුළුව වෙත භාරදුන්නේ ඒ වන විටත් පෝලිම් ගැසී සිටි මුල් තුන් හතර දෙනා අතරට එක් වෙමිනි.


 එහි සිටි නිලධාරිනිය අදාළ ඉල්ලුම්පත පරිගණකයෙන් පරීක්ෂා කර  එහි කිසියම් සටහනක් තබා   ඇයට වම් පසින් වූ කවුළුවේ සිටින ඊළඟ නිලධාරියාට දෙන ලෙස යළි ආපසු භාර දුන්නේ මද සිනහවකින්ද සංග්‍රහ කරමිනි.


 ඊළඟ සේවා කවුළුව වෙත ගිය ඔහු ඉල්ලුම්පත එම කවුළුවේ සිටි නිලධාරියා අත තැබුවේ තම අවශ්‍යතාව ගැනද සිහිපත් කරමිනි.


 තම සේවාදායකයා හෝ එම ඉල්ලුම්පත දෙසවත් නොබැලූ_ එහි සිටි නිලධාරියා “මේකේ අඩුපාඩු හදා ගෙන  එන්නැයි” ගෝරනාඩුවක් කළේ පෝලිමේ සිටි සෙසු පිරිස් ද තිගැස්මකට ලක් කරමිනි.


  පාසල් ගුරුවරයකු වූ හෙතෙම නිවැරදි ලෙස ඉල්ලුම්පත සම්පූර්ණ කර තිබුණද නිලධාරියාගේ ගෝරනාඩුව නිසාම මහත් තිගැස්මකට ලක් ව යළි පිළිගැනීමේ  නිලධාරියා වෙත ගියේ  එහි කිසියම් දෝෂයක් වේ දැයි ඔහුගෙන් දැන ගැනීමේ අදිටනිනි.


  ඉල්ලුම්පත පිළිගැනීමේ නිලධාරියා අත තැබූ ඔහු සිද්ධිය විස්තර කළ විට ඔහුගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.


“මහත්තයෝ  මට නම් මේකේ වැරැද්දක් පේන්න නැහැ.  හැබැයි සමහරු එක එක වෙලාවට එක එක විදියයි. ඔයා දැන් ආපහු සැරයක් ගිහිල්ලා අලුත් කෙනෙක් විදිහට ඔය පෝරමය ඒ කෑගහපු  මහත්තයට දෙන්න. කලින් ආව වගක් කියන්න එපා. දෙන ගමන් ඒ මහත්තයට දෙතුන් වතාවක් සර් කියන්නත් අමතක කරන්න එපා”.


 අදාළ ලේඛන අතට ගත් ඔහු යළිත් පෙර කී නිලධාරියා වෙත ගොස් ලේඛන ඔහුට දී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා “සර්” යනුවෙන් කිහිපවිටක් අමතමින් බයාදු ලීලාවක් පෙන්වූවේ පිළිගැනීමේ   නිලධාරියා දුන් උපදෙස් අකුරටම අනුගමනය කරමිනි.


 මද සිනාවක් පාමින් සිය සේවාදායකයා දෙස බැලූ කලින් ගෝරනාඩු කළ නිලධාරියා අසුරු සැනින් සිය කාර්ය  ඉටුකර දුන්නේ ගුරු භවතාද පුදුමයට පත්කරමිනි.
වියලුව වාර්තාකරු)

 



අදහස් (0)

දෙතුන් විටක් සර්...සර්... කිව්වා නම් වැඬේ ඊසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site