IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දැක්ක ගමන් හිත ගිහින් අන්තිමේ නාගෙනම ඇවිදින්

(වියලුව වාර්තාකරු)
සුරූපී තරුණියක යැයි සිතා කාන්තාවක පසුපස ගොස් ආදරය ඉල්ලා සිටි තරුණයකු එම කාන්තාව සිය මුහුණ ආවරණය කරගෙන සිටි මුව ආවරණය ඉවත් කිරීමත් සමගම පැන දිවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


අඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ප්‍රදේශයේ සහන මිලට භාණ්ඩ අලෙවි කරනු ලැබූ රජයට අයත් වෙළෙඳසලක සිටි පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


එය පළාතේ පිහිටි ප්‍රධාන නගරයකි.


සැමන් සහ පරිප්පු අඩු මිලට ලබාදීමට පියවර ගැනීම නිසා උදෑසන සිටම එහි පැවතියේ කිලෝමීටරයක් පමණ දිගු පෝලිමකි.


නගරයේ පිරිස් මෙන්ම ගම්බද ප්‍රදේශවලින් පැමිණි බොහෝ පිරිසක් ද සිය වාරය පැමිණෙන තුරු පොලිමට වී සිටින්නට වූහ.


පෝලිමේ සිටි මුව ආවරණයක් පැළඳි කාන්තාවක කෙරෙහි කාගේත් නෙත් යොමු වන්නට වූයේ ඇය ඇඳ සිටි ඇඳුම සහ ඇගේ බාහිර විලාසය සිත්ගන්නාසුළු වීම නිසාවෙනි.


උදෑසන සිටම ඇය කෙරෙහි ඇස ගසාගෙන සිටි නගරයේ තරුණයකු හෙමින් සීරුවේ පෝලිමේ ඇය සිටි ස්ථානයට රිංගා ගත්තේ අසල සිටි කීපදෙනකුගේ විරෝධය ද නොතකමිනි.


දිගු වේලාවක් කාන්තාව අසල ගැවසෙමින් සිටි තරුණයා ඇය කතාවට අල්ලා ගත්තේ ආගිය තොරතුරු විමසීමෙනි.


ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටි කාන්තාව එතෙක් සිය මුව ආවරණය කරගෙන සිටි මුඛ ආවරණය ඉවත් කරනු ලැබුවේ බොහෝ වේලාවක් සිය මුඛය තුළ රඳවාගෙන සිටි බුලත් කෙළ ඉවතට විසි කිරීමේ අවශ්‍යතාව මතු වූ හෙයිනි.


මුඛ ආවරණය ඉවත් කළ ඇසිල්ලේම ඇය මෙතෙක් වෙලා තමුන් සමග දැඩි ලෙන්ගතුකමකින් කතා බස් කරමින් සිටි තරුණයාට මුව පුරා රැන්දූ සිනහවකින් සංග්‍රහ කරන්නට ද අමතක නොකළාය.


​යොවුන් වියේ පසුවන කාන්තාවක ලෙස ඇය පෙනී සිටිය ද, ඇය මැදිවිය ඉක්ම වූ වයස්ගත කාන්තාවක බව ඔහුට අවබෝධ වූයේ මුව වැස්ම ඉවත් කොට දත් දෙක තුනක් හැළුණු බුලත් කෙළ තැවරුණු මුව විදහා සිනහ වීමත් සමගය.


එතෙක් වෙලා සිහින ලොවක අතරමංව සිටි තරුණයා හෙමින් සීරුවේ පෝලිමෙන් අතුරුදන් වූවේ පෙර කී කාන්තාවටද නොකියාමය.
සිද්ධිය කණ වැකුණු පිරිස් ‘‘මල්ලි කොහොමද අර කෙල්ල’’ යැයි අසද්දී දැන් ඔහුට මළ පනිනවාලු.



අදහස් (0)

දැක්ක ගමන් හිත ගිහින් අන්තිමේ නාගෙනම ඇවිදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site