IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තහනම්​ ගෙඩි කඩන්න ගිහින් හොරේ අතටම මාට්ටු

ඇතුගල  අවට ගම් පෙදෙසකි. කඩවසම් තරුණයා ආරක්ෂක  අංශයක සේවය කරන අයෙකි. ඔහු නිවාඩුවට ගමේ පැමිණි පසුව කුරුණෑගල වැව රවුමේ කාලය ගත කිරීම විනෝදාංශයකි. ඒ සඳහා ඔහුගේ තනියට මිතුරු කැළද එක් වෙති. එලෙස සිටින අතරවාරයේ  ඔහුට තරුණියක මුණ ගැසුණි. දෙදෙනා කතාකර ආගිය තොරතුරු විමසූහ.
ඔහු තනිකඩය. ඇය ද එසේමය. දෙදෙනාටම පෙම් ඇසුරක් ද නැත. ඒ අනුව දෙදෙනාට පෙම්වතුන් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වූවේ ද නැත.
ඒ අනුව ඔහු නිවාඩු ලබාගෙන  එන හැම වාරයකම ඇය හමුවීමට ද අමතක කළේ නැත. දිනක් ඔහු හදිසියේම ගෙදර ආවේය. ඒ ඥාති සොයුරකුගේ මඟු‍ල් ගෙදර යාමටය. ඔහු පෙම්වතියට අවිවාහකයකු ලෙසට පෙනී සිටියත් ඇත්තටම ඔහු විවාහකයෙක්ය. ඔහුගේ බිරිය ඒ වනවිට ගැබිනියකි. මඟු‍ල්  ගෙදර යාමට බිරියට ඇඳුම් නැත. මේ නිසා දෙදෙනාම කඩිමුඩියේ ඇඳුම්  මිලදී ගැනීමට කුරුණෑගලට පිවිසුණහ.


ඔවුහු මහ විදීයේ කඩ සාප්පු පීරමින් ගැළපෙන විලාසිතාවන් සෙවුහ. ගැබිනියක අත අල්ලාගෙන රෙදි කඩේකට ගොඩ වුණු සැමියා තිගැස්සුණි. ඒ ඔහු පණමෙන් ආදරෙයි කියු පෙම්වතිය එම කඩේ සේවිකාවක  ලෙසට  සිටිනු දැකීමෙනි.
පෙම්වතියට ද ඉකි ගැසුණි. කපටියා, වංචාකාරයා කියා ඇය මුමුණද් දී අන් සේවිකාවන්  ඒ දෙස බලා සිටිය දී රෙදි තේරීම පසෙක තබා ඔහු ගැබිනිය ද අල්ලාගෙන ඒ රෙදි කඩෙන් ඉවතට යාමෙන් වෙන්න තිබුණු මහා විනාසයකින් ඔහු නූලෙන් බේරුණාලු‍.

මොරගොල්ලාගම -  සිසිර කැලේගම



අදහස් (0)

තහනම්​ ගෙඩි කඩන්න ගිහින් හොරේ අතටම මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site