IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තිස් අවුරුද්දක් ගියත් බිරිය සැමියාගෙයි ළමයින්ගෙයි නම් දන්නේ නැතිලු

(හෙට්ටිපොළ ධම්මික බාලසූරිය)
විවාහ වී වසර තිහක් පමණ ගතවීත් දරුවන් තිදෙනකුත් ලබා ඇති නමුත් තම සැමියාගේ නම සහ වාසගම නොදන්නා අපූරු බිරියක් ගැන පඬුවස්නුවර ප්‍රදේශයෙන් වාර්තා විය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත පසුගියදා සිදු කෙරුණු පොලිස් ජංගම සේවාව හෙට්ටිපොල පොලිසිය මගින් හෙට්ටිපොල පොලිස් වසමෙහි ස්ථාන කිහිපයකදී සිදු කෙරිණ. ඩෙංගු මර්දනය වැඩ සටහනද මෙම ජංගම සේවයෙහි එක් අංගයක් වූයෙන් ඒ සඳහා නිවාස පරීක්‍ෂා කිරීම දැනුම්වත් කිරීම මෙම ජංගම සේවය යටතේ සිදු කරන ලදී.


එම වැඩ සටහන යටතේ හෙට්ටිපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් සහ පඬුවස්නුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ සිවිල් ආරක්‍ෂක කමිටුවේ නිලධාරින් පිරිසක් සමග එක්ව නිවාස පරීක්‍ෂා කරමින් දැනුම්වත් කරමින් ගෙන් ගෙට ගොස් ඇත.


නිවාස පරීක්‍ෂා කර අනතුරුව පරීක්‍ෂා කළ නිවසෙහි නම සහ ලිපිනය සඳහන් කර ගැනීම නිලධාරින් විසින් සිදුකරන ලදී. එක්තරා නිවසක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නිවසෙහි හිමිකරුගේ නම කිමෙක්දැයි නිලධාරීන් ගෙහිමි කාන්තාවගෙන් විමසා ඇත. ගේයි ඉඩමයි නම් මහත්තයො තියෙන්නෙ පුතාගෙ නමට. එයා රස්සාවට ගිහින් යැයි කාන්තාව පවසා ඇත.


පුතා නැති වුණාට කමක් නෑ එයාගෙ සම්පූර්ණ නමයි ලිපිනයයි කියන්නකො අපට සටහන් කර ගන්න යැයි නිලධාරින් කාන්තාවට පවසා ඇත. පුතනුවන්ට නිවෙසෙහි භාවිතා කරනු ලබන කෙටි නමක් පමණක් කාන්තාව විසින් නිලධාරින්ට පවසා ඇත. එහෙම හරි යන්නෙ නෑ. පුතාගෙ සම්පූර්ණ නම වාසගමත් සමග නිවරැදිව කියන්නැයි නිලධාරින් කාන්තාවට පවසා ඇත. මම ළමයගෙ සම්පූර්ණ නමවත් දන්නෙ නෑ මහත්තයා. ඔහොම පොඞ්ඩක් ඉන්නකො මම උප්පැන්න කොළේ ගෙනත් දෙන්නම් යැයි කාන්තාව පවසා ඇත.


කාලය ගතවන බැවින් එහෙනම් මහත්තයගේ සම්පූර්ණ නම කියන්නකො යැයි නිලධාරින් පවසා ඇත. සැමියාටත් කවුරුත් භාවිතා කරන කෙටි නමක් ඇය පවසා ඇත. එහෙම නෙවෙයි මහත්තයගේ සම්පූර්ණ නම වාසගම සහිතව කියන්න යැයි නිලධාරීන් මෙම කතට පවසා ඇත. වාසගම් එක්ක නමක් නන් මම දන්නෙ නෑ මහත්තයො යැයි ඇය පවසා ඇත.


විවාහ වී කොතරම් කල්දැයි නිලධාරීන් විමසුවේ අවශ්‍ය නිසා නොව මැදිවියත් ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන නිසාය. මනුස්සයා එක්ක ඇවිල්ලා නම් ගොඩක් කල් මහත්තයෝ. ලොකු දුව බඳලා, දරුවොත් ඉන්නවා. ඇනෙක් දරුවො දෙන්න රස්සා කරනවා  යැයි මෙම කත පවසා ඇත. ඉන්නකො මහත්තයො පුතාගෙ උප්පැන්න කොළේ ගෙනත් දෙන්න. ඒකෙ නම ඇති යයි කියූ කාන්තාව නිවස තුළට ගොස් පුතාගෙ උප්පැන්නයෙහි පිටපතක් ගෙනත් නිලධාරින්ට පෙන්වා ඇත. උප්පැන්නයේ සඳහන් පරිදි දෙවන දරුවාටත් වයස අවුරුදු විසිපහ ඉක්මවා ගොසිනි. විවාහ දිවියට වසර තිහක් පමණ ගත වීත් දරුවන් තිදෙනකු ලබා සිටියදීත් වසර ගණනක් තිස්සේ එකගෙයි වාසය කරන සැමියාගේ සහ තම දරුවන්නේ නම් නොදන්නා මෙම කාන්තාව ගැන නිලධාරින්ට ඇතිවූයේ පුදුමයකි.

 



අදහස් (1)

තිස් අවුරුද්දක් ගියත් බිරිය සැමියාගෙයි ළමයින්ගෙයි නම් දන්නේ නැතිලු

sara Friday, 07 September 2018 07:42 AM

මැය නියම සිංහල කාන්තාවක්. එයාලට ඔය නම් ගම් පට්ටන්දර වැඩක් නෑ. ස්වාමියාට සහ දරුවන්ට යුතුකම් කරමින් පවුල අවුල් නොකර ගෙන ආදර්ශමත්ව ජීවත් වෙනවා. නියම බිරිදක් සහ අම්මෙක් . පුළුවන් නම් දැන් ගිහින් ඒකත් අවුල් කරන්න

:       25       137

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site