IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තුවාලකරු පාරේ දඟලද්දී ඌරා අරන් පැනලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
මහනුවරට නුදුරු ප්‍රදේශයක ඌරෙකු හා ගැටී අනතුරට පත් වූ යතුරුපැදිකරු රෝහල් ගත කිරීම පසෙකලා රෝගියා වෙනුවට ඌරා රැගෙන ගිය පුවතක් වාර්තා විය.


 ඔහු මහනුවර නගරයේ සිට තම ගම් ප්‍රදේශය බලා රැකියාව නිම වී පිටත් වූ පුද්ගලයෙකි. එදින රාජකාරි බහුල වූයෙන් රාත්‍රී වනතෙක් රාජකාරියේ නිරතවන්නට සිදු වූ දවසක් විය. එමෙන්ම එදින වැහිබර කාලගුණයක් පැවතුන නිසා වැස්ස පායන තෙක් තවදුරටත් කාර්යාලයේම රැඳී සිටින්නට විය. ඒ ඔහු යතුරුපැදියෙන් ගමන් කරන බැවිනි. පැය කිහිපයක් ගත වූ අතර වැස්ස තුරල් වූ බැවින්, නිවස කරා යන්නට පිටත් වූ ඔහුට අතරමග දී කැලෑව සහිත පාළු ප්‍රදේශයක පාර හරහා ගමන් කළ ඌරෙකු තම යතුරුපැදියේ ගැටිණි. 


ඌරා ගැටීමත් සමග ඔහු විසි වී පසෙකට වැටී සිහි විසඥ වූ අතර ඌරා ද යතුරුපැදියේ ගැටී පසෙකට විසි වී තිබුණි. 


ඒ සමගම ඒ ආසන්නයේ ත්‍රීරෝද රථයක ගමන්ගත් තරුණයන් තිදෙනෙක් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ යතුරුපැදිකරු දෙසට ගමන් කරන්නට වූ අතර, යතුරුපැදිය මාර්ගයේ ආසන්නයේ ස්ථානයක තබන්නට පියවරගෙන තිබුණි.  ඒ සමගම යතුරුපැදිකරුගේ තත්ත්වය ඔවුන් විසින් පරීක්ෂා කර බලා ඔහු සිහි මඳ තත්ත්වයේ පවතින බව ද අවබෝධ කරගෙන තිබුණි.


ඒත් සමග තරුණයන් තිදෙනා යම් කතාබහක් සිදු කරන අයුරු සිහි එළවාගත් යතුරුපැදිකරු සිහිනෙන් මෙන් දකින්නට වූ අතර ඒ සමගම තමන් රෝහල් ගත කරන්න යැයි ඉල්ලීමක් කර තිබුණි. ඒ දෙස තරුණයන්ගේ අවධානය යොමු නොවූ අතර වහා ක්‍රියාත්මක වූ ඔවුන් වැටී සිටි ඌරා ද ත්‍රිරෝද රථයට පටවාගෙන වේගයෙන් ඉඟිල ගියේ තුවාලකරු මවිතයට පත් කරමිනි.



අදහස් (2)

තුවාලකරු පාරේ දඟලද්දී ඌරා අරන් පැනලා

sudda Friday, 23 August 2019 07:56 AM

මේ ජාතියේම කතාවක් අගලවත්තේ වුණා කියලා දැන් මාස දෙක තුනකට උඩදී මේ කොලමේම පළවුණා. අනේ මන්දා, එකම වෙනස අගලවත්තේ වුනේ පාන්දරලු.

:       0       42

PerakumSaturday, 24 August 2019 09:00 AM

අනේ සුද්දා ඔයා හිතන්නේ මේ තියෙන දේවල් ඇත්ත කියලද?

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site