IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු‍ දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
සිය පුතණ්ඩියා විදෙස් රටක දුක් විද එවන මුදලින් ලේලිය හැඩවැඩවෙන එක මේ නැන්දම්මාට දිරෙව්වේ නැත. විශේෂයෙන් ලේලිය දෙතොල් රතුකරන එක ඇයට දෑහෙට පෙන්නන්න බැරි එකක් විය. එළිපිටම එයට විරුද්ධ වන්නට ඇයට ශක්තියක් නොවීය. ඒ පුතා තමාගේ වුවත් දැන් ඇය නඩත්තු වන්නේ ලේලියගෙන් වීමනිසාය.
නහින්න ළඟ වෙලාවේ නිවසින් එළියට යාමට සිදුවුවහොත් එයින් තමාට වන අනර්ථයේ දිග පළල මනසින් අවබෝධවීමත් මෙයට හේතුවක් නොවූනාම නොවේ. ලේලියත් එක්ක කෙහෙවලු‍ පටල ගත්තොත් පුතණ්ඩියත් ලේලියගේ පැත්ත ගන්න බව දන්නා මේ නැන්දම්මා ලේලියගේ මොනවරද තිබුණත් ඉවසනු විනා ඊට වෙනත් විකල්පයක් නොවීය.


ලේලියගේ දෙතොල් රතු පාටව තිබෙනු දකින සෑම අවස්ථාවකදීම සිය ලේලිය මේ නැන්දම්මාට පෙනුනේ අමු මස් මාංශ අනුභව කළ යකින්නක් මෙනි. මෙය වහෙන්ඔරෝ භාෂාවෙන් ඇයට කීවද ලේලිය එය තුට්ටුවකට මායිම් නොකළාය. මුවින් නොබැන්නත් මේ සිද්ධිය හමුවේ නැන්දම්මා සිටියේ නැතිකර නොගත් කේන්තියකිනි.
එදාත් ගමනක් යන්න ලක ලැහැස්තිවුණු ලේලිය දෙතොල් රතු පාට කරන ටියුබය ඇර කැඩපත ඉදිරියේ දෙතොල්වල උලා ගත්තාය. ගතවූයේ ටික වේලාවකි. බුදු අම්මෝ ඉන්න බැරියෝ යයි දෙතොල් අල්ලාගෙන ඇය කෑ ගසමින් මුලු‍තැන් ගෙයි සවිකර තිබූ ජල කරාමය කරා දිව ගියේ වේදනාවෙන් පුපුරු ගසන දෙතොල් සෝදා දැමීමටය.
ලේලිය දෙතොල් අල්ලා කෑගසන අයුරු කාමරයේ දොර රෙද්දක් අස්සෙන් බලා සිටියත් මේ නැන්දම්මා එළියටනම් නොආවාය. ඒ ලේලියගේ දෙතොල් රතු කිරීමට එරෙහිව තමා ලේලිය දෙතොල් රතු කරන ටියුබයට මිරිස් කුඩු තැවරුවේ තමා යයි සිය මුහුණෙන් පිළිඹිබු වේ යයි ඇතිවූ සාධාරණ සැකය නිසාලු‍.



අදහස් (0)

තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site