IMG-LOGO

තෙල් පෝලිමේදී නාඳුනන දුවක් තොප්පියක් දාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
හේ තෙල් පෝලිමට එක්වූයේ පාන්දරය. තෙල් පෝලිමේ දිගුභාවය නිසාම තවත් බොහෝ වේලාවක් ඔහුට රැඳී සිටීමට සිදු විය. ඒ නිසාම නිවෙසට අවශ්‍ය කරන එළවළු ඇතුළු දෑ ගත්තේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමටය.


තමාගේ වාරය ඒමට තවත් වේලාවක් ඇති හෙයින් උදේ තේ එකකින් කුස පුරවා ගැනීමට ඔහු සිතුවේය. ඒ නිසාම තමන් මිලදීගත් භාණ්ඩ යතුරුපැදියේ හැඬලයේ එල්ලා ගියේය. 


ගත වූයේ ටික වේලාවකි. යතුරුපැදියකින් පැමිණි සුරූපී ළඳක්, “මේ අපේ තාත්තාගේ බඩු මල්ල ගෙදර ගෙනියන්න කියලා කිව්වා” කියමින් පෝලිමේ තිබූ යතුරුපැදියේ එල්ලා තිබූ බඩු මල්ල රැගෙන ගියාය.


තේ එකක් බී ඔහු පැමිණි විට සිය යතුරුපැදියේ එල්ලා ගිය බඩු මල්ල නොදුටු විට බොහෝ කලබලයට පත්විය.


සිය දියණිය බඩු මල්ල ගෙන ගියා යයි ඇසූ විට ඔහු දෙඅතින් හිස බදාගෙන කෑගැසුවේ තමාට දියණියක් නැති බව කියමිනි.


සිදුව ඇති දේ තේරුම් ගැනීමට තෙල් පෝලිමේ සිටි අයට වැඩි වේලාවක් ගත නොවීය.


“ආයෙත් බඩු ගත්තොත් තෙල් ගහන්න සල්ලි නැහැ. තෙල් ගැහැව්වොත් බඩු ගන්න සල්ලි නැහැ” කියමින් ඔහු නාහෙන් අඬ අඬ සිටියේ තමන්වත් නොහඳුනන තමන්ගේ දුව කවුදැයි සිතමිනි.

 



අදහස් (0)

තෙල් පෝලිමේදී නාඳුනන දුවක් තොප්පියක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site