ත‍්‍රීරෝද රථයකින් ගමනක් ගිය කාන්තාවක් එහි ගාස්තුවද නොගෙවා ත‍්‍රීරෝද රථයේ රියැදුරාගෙන් රුපියල් 500ක මුදලක් ද ඉල්ලාගෙන ඔහු රවටා හෙමිහිටි මාරුවුණ පුවතකි මේ.
සිද්ධිය මෙසේය. එක්තරා ත‍්‍රීරෝද රථ රියැදුරකු කුලී ගමනක් ගොස් පිරිසක් ඇරලවා ආපසු එමින් සිටියදී අතර මගදී එම ත‍්‍රීරෝද රථය නතර කරනු ලැබූවේ මාර්ගය අසල සිටි සාරියකින් සැරසුණු වැදගත් පෙනුමක් ඇති කාන්තාවක් විසිනි.
‘‘මල්ලි මට ටවුන් එකට යන්න ඕනෑ. මාව එක්ක යන්න පුළුවන්ද මං ගාස්තුව ගෙවන්නම්. කීය වුණත් කමක් නෑ.’’ ඇය පැවසූවාය.
දෙවරක් කල්පනා නොකළ ත‍්‍රීරෝද රථයේ රියැදුරා ත‍්‍රීරෝද රථය ආපසු හරවා කාන්තාව එහි නංවාගෙන කිලෝමීටර් 6ක පමණ දුරක් ගෙවා නරගයට පැමිණි අතර කාන්තාව රියැදුරාට පැවසූවේ එදින නගරයේ සතිපොළ පැවැත්වෙන බවත් පොල අසල ත‍්‍රීරෝද රථය නවත්වන ලෙසත්ය. ඇය කී පරිදි රියැදුරා පොල ඉදිරිපිටට පැමිණ ත‍්‍රීරෝද රථය නතර කළේය.
‘‘මල්ලි මට මේ ළඟ නෑදැ ගෙදරක යන්න තියෙනවා. පොළෙන් හොඳ කෝලි කුට්ටු කෙසෙල් ඇවරියක් ගන්න ඕනෑ. හරි වැඬේ මං ළඟ තියෙන්නේ රුපියල් 5000 නෝට්ටු දෙකක් ඒක මාරු කරගන්නත් බැරිවුණා. උදෙන්ම කෙසෙල් වෙළෙන්දන්ට මේ 5000 නෝට්ටුව දික්කලාම මට බනීවි. මොකද කරන්නේ”
රියැදුරා වහා ඔහුගේ සාක්කුවට අත දමා රුපියල් 500 නෝට්ටුවක් ගෙන කාන්තාවගේ අත තැබූවේ මෙලෙස පවසමිනි.
‘‘මිස් මේ රුපියල් 500න් කෙසෙල් මිලදී ගන්න. මගේ හයර් එකේ ගාස්තුව රුපියල් 300 සල්ලි මාරු කරලා මට රුපියල් 800ක් දෙන්න.’’
එම නෝට්ටුව අතට ගත් කාන්තාව වහා පොළ ඇතුළට ගියේ වටිනා බඩු වගයක් ඇති ත‍්‍රීරෝද රථයේ අසුන මත ඇති එම පාර්සලය ද බලාගන්නා ලෙස රියැදුරාට පවසමිනි.
විනාඩි 40ක පමණ කාලයක් ත‍්‍රීරෝද රථයට වී බලා සිටියද කාන්තාව ආපසු පැමිණියේ නැත. පොළ ඇතුළට ගොස් සොයා බැලූවද ඇය සොයා ගැනීමට නොහැකි විය.
රියැදුරා ආපසු පැමිණ ත‍්‍රීරෝද රථයේ වූ පාර්සලය ලිහා බැලූ විට එහි තිබූනේ රෙදි කැබලි තොගයකි. කාන්තාවගේ කපටි උපායට ඔහු රැුවටී ඇති බව ඔහුට වැටහුණේ එවිටය. ත‍්‍රීරෝද රථය පණගන්වා ඔහු නැවත ත‍්‍රීරෝද රථ නැවතුම්පොළට පැමිණියේ මහත්වූ සිත් වේදනාවකිනි.
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ත‍්‍රීරෝද රියේ ගිය ළඳ අමුතු පොතක් දමා පන්සීයකටත් විදලා විඳලා
චන්දි Friday, 01 January 2016 03:01 PM
මේ අපේ පාර්ශවයේ අයත් කරන්නේ පුදුමාකාර වැඩනේ කාන්ති ඉතින් නොබැන ඉදියිද. (ර)
මාලිකා Saturday, 02 January 2016 12:56 PM
චන්දිලාගේ වැඩ අපිට පුරුදු නැති දේවල් නෙමෙයි. මේ කාගෙත් හැටි අපි දන්නවා. (නි)
චාරු Friday, 01 January 2016 08:31 AM
ජයා බලන් ඉන්නේ මෙතැන බවලතුන්ගේ වැරදි මතුවන පුවතක් පළවෙනකම් ඉඳලා අත්පොලසන් දෙන්න (බ)
මංගල Thursday, 31 December 2015 05:45 PM
අයියෝ මල්ලි, මදැයි කරගත් දේ! (නි)
සරත් Friday, 01 January 2016 10:34 PM
සුබ නව වසරක් වේවා සැමටම! චන්දි අක්කා හරි. (නි)
සිසිර Thursday, 31 December 2015 05:52 AM
වැඩි වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා (බ)
සමන්ත Friday, 01 January 2016 11:53 PM
දැන් චන්දි හිතන්නේ පිටබැද්දර පාර්ශවය මාර්ගඵල ලබලා කියලා වෙන්න ඇති. (නි)
තිලාන් Saturday, 02 January 2016 12:05 AM
අයියෝ සල්ලි! (නි)
කමල් කෞශල්‍ය Thursday, 31 December 2015 12:46 PM
ඕනාවට වැඩි දේවල් කරන්න ගිහින් හොඳට ඇන ගත්තා. හොඳ වැඩේ. පිරිමියෙක් නම් ඔය කිසි දෙයක් කරන්නේ නැහැ. (ර)
කාන්ති Thursday, 31 December 2015 08:50 PM
නව වසර පටන්ගත්තා විතරයි, පිටබැද්දර ජයා ස්ත්‍රී සංහතියටම බැණගෙන. මොකද මේ? (නි)
යසිරු Thursday, 31 December 2015 08:45 PM
ඒක නම් පුදුමාකාර උපායක් තමයි. අපි වුණත් අහුවෙනවනේ! (නි)
පිටබැද්දර ජයා Thursday, 31 December 2015 02:07 PM
කාන්තා ගැටෙකට අහු උන තවත් අහිංසකයෙක් , ලබන්නාවූ නව වසර සියලුම හිතවතුන්ටත් ලංකාදීප කාර්ය මණ්ඩලයටත් වාසනාවන්ත නව වසරකම වේවා.! (ර)
මාධවී Friday, 01 January 2016 11:08 AM
මේවා හොඳ පාඩම් කාටත්.(හේ)
පද්මිණී Sunday, 03 January 2016 05:37 PM
ජයා කියල තියෙන්නේ ඇත්තනේ. සමාජයේ හොද මිනිසුන්ගේ හොදහිත බාල්දු කරන මේ වගේ අයට මඩුවලිගෙන් තලන්න ඕන.අ
චමින්ද ආරියරත්න Saturday, 28 August 2021 09:41 AM
මට ඕන මුදල් නෝට්ටු ගැන විස්තර