IMG-LOGO

ත්‍රිරෝද රියැදුරා වෛද්‍යවරයකු වෙසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ‘අනඟ පාට්’ දාලා

(බිංගිරිය වික්ටර්  සෝමවීර)

 පවුල් සෞඛ්‍ය සේවිකාවක සමග සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අරමුණින්  වසර තුනක පමණ කාලයක සිට වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ත්‍රිරෝද රථ  රියැදුරකු නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ලබාදෙන පුවතක් වයඹ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් අසන්නට ලැබුණි.


  මෙම වෛද්‍යවරයා පවුල්  සෞඛ්‍ය සංවිධානයේ උපදේශන කටයුතු සිදුකරන දේශකවරයකු බවත් ඒ නිසා කායික රෝග  පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙත දැනුම් දී ඇත.


 මේ අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමග දුරකථනයෙන් කතාබහ කරන අවස්ථාවලදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් රාජකාරි අවස්ථාවලදී අඳින ඇඳුම්  පැළඳුම් ආදිය පිළිබඳව මෙන්ම රාත්‍රී කාලයට  අඳින ඇඳුම් පිළිබඳවත් විමසන බවත් පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පවසති. 


මොහු සැබවින්ම මුල් කාලයේදී වෛද්‍යවරයකු ලෙස සිතා දුරකථන ඇමතුම්වලට පවුල් සෞඛ්‍ය සේවිකාවන් ප්‍රතිචාර දක්වා ඇති අතර ඇතැම් දිනවල රාත්‍රි 12.00 - 2.00 අතර කාලවලදී දුරකථන ඇමතුම් පවුල් සෞඛ්‍ය සේවිකාවන් නිවෙස්වල සිටියදී ලැබෙන නිසා සැකයක් මතුවී මේ  බව කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දී ඇත.


පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයකු ලෙස රඟපාන මෙම පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු බව හඳුනාගෙන ඇත.


 කෙසේ වෙතත් දුරකථන ඇමතුම් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට  නිරන්තරයෙන්ම ලබාදීම මහත් හිසරදයක් බවට පත්ව තිබෙන හෙයින් වෛද්‍යවරයකු ලෙස කතා කරන ත්‍රිරෝද රථ රියදුරාගේ දුරකථන අංකය පොලිසිය වෙත ලබාදී සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට ඇත.
 මේ සම්බන්ධයෙන් උසාවි නියෝගයක් ලබාගෙන එම ත්‍රිරෝද රථ රියදුරාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි. 



අදහස් (0)

ත්‍රිරෝද රියැදුරා වෛද්‍යවරයකු වෙසින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ‘අනඟ පාට්’ දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site