(සිටිනාමළුව අනීෂා මානගේ) තම ත්‍රීරෝද රථයට ඉන්ධන පිරවීම සඳහා ඉන්ධන පිරවුම්හල වෙත පැමිණි සැමියාට තමා සමග පැමිණි බිරිඳ අමතක වූ සිද්ධියක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය. වේලාව උදෑසන 7.30ට පමණය. මැදිවියේ පසුවන අඹුසැමි යුවළක් තම ත්‍රිරෝද රථයෙන් තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත පැමිණියේ ත්‍රිරෝද රථයට ඉන්ධන පුරවා ගැනීමට ය. රථයට ඉන්ධන පුරවාගන්නා තුරු ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ වාඩි වී සිටි බිරිය මදකට රථයෙන් එළියට බැස්සාය. තමා සමග ත්‍රිරෝද රථයේ පැමිණි බිරිඳ වාහනයෙන් බිමට බසිනු සැමියා දුටුවේ නැත.
ත්‍රිරෝද රථයට අවශ්‍ය පමණින් ඉන්ධන පුරවාගත් සැමියා රථය පණගන්වා බෙලිඅත්ත දෙසට රථය පැදවීය. සැමියා පැදවූ ත්‍රිරෝද රථය තමාව ඉන්ධන පිරවුම්හල අසල දමා ඉදිරියට ඇදෙන අයුරු දුටු බිරිඳ කෑ ගසමින් රථය පසුපස දිව ගියාය. ඉන්ධන පිරවුම්හලේ සේවකයින් ද ත්‍රිරෝද රථ රියදුරුට කෑගැසූ නමුත් ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථයේ සිටි සැමියාට බිරියගේ කෑගැසිල්ල හෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ කෑගැසිල්ල කන වැකුණේ නැත.
ඉන්ධන පිරවුම්හලේ සිට කිලෝමීටර දෙකක් පමණ ගිය පසු ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ සිටි තම බිරිය එහි නොමැති බව දැනගත් සැමියාට දෙලෝ රත් විය. වහාම ත්‍රිරෝද රථය හරවා ගත් ඔහු නැවත ඉන්ධන පිරවුම්හල දෙසට ගමන් කළේ බිරිඳ කොහිදැයි සොයමිනි. ඔහු තංගල්ල දෙසට පැමිණෙන අතරතුර දී තංගල්ල සිට මාතර නගරය දක්වා ධාවනය වූ බස්රථයකට තම බිරිය ගොඩවදින අයුරු ඈත සිට දුටු සැමියාට සිදුවූයේ තම බිරිඳ සොයා බස් රථය පසුපස හඹා යෑමටය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රිරෝදයේ තෙල් පිරුණාම බිරියත් අමතක වෙලා
Ranasinghe Friday, 18 May 2018 05:57 AM
ත්‍රීවීල් මල්ලිලා ඉන්නේ සිහියෙන් නෙමෙයි?
mahshika Friday, 18 May 2018 02:25 PM
බිරිඳ බස් එකකට නැග්ග එක ඔක්කෝටම වඩා මෝඩ කමක්... පිටිපස සීට් එක හිස් බව දැක්කම සැමියා අාපහු එ්වි කියලවත් හිතන්න මොලයක් නැද්ද?
pakeer Sunday, 20 May 2018 02:37 AM
මෝඩ යක්කු