අවුරුදු හතළිහේදී හතළිස් ඇඳිරිය පැමිණ පෙනීම දුර්වල කර දමයි. හතළිහ පසු වී හතළිස් පහ වෙද්දී කළු පාට හිස කෙස් ටික ටික සුදු පාට වන විට කොයි කාටත් දැනෙන දුක සසර දුකය.
මේ කියන පුද්ගලයා හිරිමල් යොවුන් වියේදී කඩවසම් තරුණයාට හිමි කිරුළ පවා දිනපු අයෙකි. පදිංචිව සිටියේ මහනුවරය. එදා තරුණ පෙනුමට වශී වූ ගැටිස්සියන්ගෙන් මොහුට අඩුවක් තිබුණේ ද නැත.
මෙම පුද්ගලයා පසුගිය දිනක නාන කාමරයට ගියේ දිය නෑමටය.
දරුවන් ද බිරිඳ ද නිවසේ සිටියේ නැත.
නාන කාමරයේ කණ්ණාඩිය ඉදිරිපිට සිටි ඔහුට ඔහු ගැනම දුක සිතිණි.
“අනේ මගේ කළු හිසකෙස් ටික සුදු වෙලා” ඔහු ඔහුටම කියා ගත්තේය. දිය නෑම පසෙකට කර කඩිමුඩියේ කඩමණ්ඩියට ගියේ සුදු කෙස් කළු කරන දියරයක් රැගෙන එන්නටය.
එක පැකට්ටුවක් නොව පෙට්ටියක්ම ගෙදරට ගෙනාවේ නරකෙසක්වත් ඉතිරි නොවන සේ කළු කිරීමටය.
කළු පාට රැවුල අතර සුදු පැහැති රැවුල් ගස් කියා පෑවේ “සංසාරේ භවේ දුකා” වැනි සමච්චල් ඉඟියකි. රැවුල ද කළු කර ගත්තේ අදාළ දියරය ඕනාවටත් වඩා මුහුණේ අතුල්ලා ගනිමිනි. මුහුණේ ගෑවුණු කළු පාට, වතුර දමා සේදුවද පාට ගියේ නැත. නිවසේ තිබූ තිනර් බෝතලයක් මුහුණේ හලා ගත්තේ දුර දිග නොබලමිනි. තිනර්වලට ඇති වූ දැවිල්ලට ඔහුට කෑ ගැසිණි.
අහළ පහළ උදවිය එන විට ඔහු සිටියේ විලාප තබමිනි. තිරිහන් වෙන්නට ගිය ඔහු අන්තිමට නැවතුණේ රෝහලේ ඇඳක් මතය. බිරිඳට වඩා තරුණ වන්නට ගිය ඔහු දැන් බිරිඳට මුහුණ දෙන්නේ නැති තරම්ය.
හසලක වාර්තාකරු
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
තරුණ වෙන්න ගිහින් ඉස්පිරිතාලෙත් ලැගලා