IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තරුණයා සූර් යැයි සිතා වේටර් ගාන වැඩියෙන් කියලා

සේවය නිමාවී නේවාසිකාගාරයට යන තරුණයෙක් රාත්‍රී ආහාරය සඳහා හෝටලයකට ගොඩවිය. “මොනාද කන්නේ” වේටර් විමසීය. “මට සීයේ ඩොල්ෆින් එකක්” අසුන් ගනිමින් තරුණයා පැවසීය.

සුළු වේලාවකින් ඇණවුම් කළ ඩොල්ෆිනය ලැබිණි. ආහාර ගැනීමෙන් පසු තරුණයා කැෂියර් කූඩුව අසලට පිවිස රුපියල් සීයක් දිගු කළේය. “කීයද ගාන?” කැෂියර් තැන වේටර්ගෙන් විමසීය. “දෙසිය තිහයි” වේටර්ගේ ක්ෂණික පිළිතුර විය. “මම කෑවේ සීයේ ඩොල්ෆින් එකක්” තරුණයා කීය.

“නැහැ චිකන් ඩොල්ෆින් එකක්නේ” වේටර් පැවසීය. “ඒකේ කොහෙද චිකන් තිබුණේ.” තරුණයා කෝපයෙන් විමසූ විට කොත්තු බාස් ඇමතූ වේටර්, දැන් දුන්නේ චිකන් ඩොල්ෆින් එකක් නේදැයි ඇසීය. “නැහැ සීයේ ඩොල්ෆින් එකක්” කොත්තු බාස් පැවසීය. රුපියල් සීය ගෙවූ තරුණයා වේටර් අමතා “නිදිමත නම් ගිහිල්ලා නිදාගන්නවා. බොරු ගණන් කියන්නේ නැතිව.” යනුවෙන් පැවසීය. තරුණයා පිටවූ පසු වේටර්ට කතාකළ කැෂියර් තැන, “මොනාද බන් කරන්නේ තව ටිකකින් උඹට බඩපුරා කන්න වෙනවා.” යැයි පැවසූ විට මම හිතුවේ එයා වෙරි මරගාතේ ආවා කියලයි. වේටර් පැවසීය. සේදවත්තට දිවෙන මාර්ගයේදී සිදුවූවකි.

ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

තරුණයා සූර් යැයි සිතා වේටර් ගාන වැඩියෙන් කියලා

ජනහිත Wednesday, 19 October 2016 04:10 PM

කොහොමටත් මම නම් කවදාවත් ඔය කොත්තු කන්නේ නැහැ. මොකද ඕකේ තියනවා අපිට අහිතකර දේවල් එමට. හදන හැටි දැක්කම ඇති. (නි)

:       2       1

වික්‍රම Saturday, 22 October 2016 08:03 AM

ජයා මතකද අපෙ ඉස්සර බොසා, ගෙදර පාටියේ ඉතුරුවා කොත්තු දම්මලා අපිට එවපු විදිහ (අ)

:       0       0

ටිකිරි Friday, 21 October 2016 03:25 AM

බලනකොට වෙරිවෙලා තියෙන්නේ වේටර්ටනේ (නි)

:       0       0

අබරන් Wednesday, 19 October 2016 06:12 AM

ලැජ්ජයි,හිරිකිතයි ඩොල්ෆින්ලත් මරන් කන කාලයක් ඇවිල්ලා.......අනේ කාලේ වනේ වාසේ කීවලු.....(ම)

:       0       0

සෑම් Wednesday, 19 October 2016 07:10 AM

මේ ඩොල්ෆින් කියන්නේ මොනවද කියලා පහදලා දෙනවද ? ඒ නමින් ඉන්න මාළුවා සහ වෑන් වර්ගය මිසක් මම දන්නා වෙන ඩොල්ෆින් කෙනෙක් නැහැ (අ)

:       0       0

පීරිස් Thursday, 20 October 2016 02:58 AM

ඩොල්ෆින් කියන්නෙත් කොත්තුම තමයි. නමුත් පරාට කපල තමයි දමන්නෙ. සාමන්‍ය කොත්තු වලට ගන්නෙ ගොදම්බ රොටි කපල. ඊට අමතරව තව දියර කිරි බොතල් කාලක් විතරත් දානව.(අ)

:       0       0

රමණි Wednesday, 19 October 2016 07:50 AM

ඩොල්ෆින් එකක් කියන්නේ මොනවාටද? කොත්තු වගේ දෙයක්ද? (ර)

:       0       0

දරිත් ප්‍රමෝද් Thursday, 20 October 2016 03:18 PM

ඩොල්ෆින් කියන නම දැක්ක ගමන් කියවන්න එපා.ජාත්‍යන්තරය අපිට හිනාවෙයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 19 October 2016 08:39 AM

බීලා උනත් මිනිසුන්ගේ ලේ දහදිය උරා බොන්නේ පරෙස්සමට, මේ දවස්වල ගුගුරා ගුගුරා වහිනවා. (ර)

:       0       0

චින්තක Wednesday, 19 October 2016 10:13 AM

මදුවිත සප්පායම් වෙන . තැන්වල වේටර්ලා සහ මුදලාලියා හුගක් වේලාවට මෙය කරනවා වෙරි කියලා හිතාගෙන ගණන් වැඩිපුර දාලා බිලා හදනවා (හේ)

:       0       0

පියුමිකා Thursday, 20 October 2016 06:08 AM

ඩොල්පින් කොත්තු කියන්නේ පරාට අතින් ලොකු කෑලි කඩල කිරිහොදි චිකන් හොදි දාල හදන තාච්චි කොත්තුවක්. චිකන් බිත්තර එළවලු ඕන විදියකට ගන්න පුළුවන් (ම)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 23 October 2016 07:59 AM

මොකද අමතක වික්‍රම, මුහුණට අපි මොකුත් නොකිවුවට නැති තැන නම් ඉතින් පතුරු අරිනවා

:       0       0

අජිත් Monday, 24 October 2016 01:55 PM

කොත්තු කනකොට හැබැයි බලාගෙන හොඳේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site