IMG-LOGO

තරුණිය මාලය ගලවා හොරාගේ අතටම දීලා

මාල කඩන කොල්ලකරුට, තමාගේ ගෙල බැඳි මාලය ගලවා අතට දුන් තරුණියක් ගැන සබරගමුව ප‍්‍රදේශයේ ගමකින් වාර්තාවේ. සිද්ධිය මෙසේයි. ඇය ගමේ තරුණියකි. නගරයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයේ සේවය කරයි. රැකියාවට යන්නේ තරුණ වියට ගැළපෙන නව විලාසිතාවන්ගෙන් සැරසීගෙනය. එදින සේවය නිමාවී ගෙදර යෑමට බස් රථයෙන් බැස ගමේ අතුරු පාරේ ගමන් කරන විට, හදිසියේම පැමිණි යතුරුපැදියක් ඇය ඉදිරියේ නතර විය. නංගී අද පරක්කු ඇයි දැයි ඇසූ තරුණයා, ඉණේ සඟවාගෙන තිබූ උල් පිහිය අතට ගෙන කෑගහන්න එපා යැයි ඇයට තර්ජනය කළේය. ඔහුගේ සූදානම වටහාගත් තරුණිය, අනේ අයියේ කරදර කරන්න එපා කියමින් කරේ තිබූ මාලය ගලවා ඔහුගේ අතේ තැබුවාය. මාලය අතටගත් ඔහුට වැඬේ වැරදුණු බව වැටහිණි. කෝපයටපත් තරුණයා, ජොලියට දමාගෙන යන්නේ ඉමිටේෂන් බඩුයැයි කියා මාලය ඇගේ මූණට දමා ගසා යන්නට ගියේ දවස් තුනක් පිච්චූ ඉන්ධනවල ගණන අතින් පාඩු යැයි කියාගෙනය.



අදහස් (0)

තරුණිය මාලය ගලවා හොරාගේ අතටම දීලා

මංඡුල බිරුට් Tuesday, 26 June 2012 12:38 PM

මේ මාල හොරු ඔක්කෝම රත්ත්‍රන් කඩ හිමි‍යොද කොහෙද නැත්තම් කොහොමද අතට ගත්ත ගමන් හොද නරක කියන්නේ ....

:       0       0

නුවන් Wednesday, 27 June 2012 08:46 AM

අමිල කටුනායක ඒකාලෙ මොටර් බයිසිකලෙන් ඇවිත් මාලෙ හොරකම් කලා කියන්නෙ අද කාලෙ බෙන්ස් කාර් එකෙන් ඇවිත් මාලයක් කඩාගත්ත වගේනෙ?

:       0       0

ප්‍රසාද් Thursday, 28 June 2012 12:29 PM

ලංකාවෙ තියෙන නීති රීති මදි නිසා තමයි මිනිස්සු සල්ලි නැති උනාම හොරකමේ හරි යන්න පුරැදු වෙලා තියෙන්නෙ.. අපේ රටේ නීති ‍හොදටම වැඩි නොකොලොත් මිනිස්සු බය නැතිව ඔය දේවල් කරනවා.. අපේ රටේ මිනිසුන්ට තමන්ගෙ ආර්ථිකේ ගොඩනගා ගන්න මොකක් හෝ හොද වැඩ පිළිවෙලක් රටේ නායකයන්ට බැරි කම තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. රටේ ජනතාව දියුණු වෙනවට මේ පාලකයන් කැමැති නැහැ..

:       0       0

කපිල Tuesday, 26 June 2012 01:36 PM

ආසියාවේ ආශ්චර්‍ය................

:       0       0

ටිකිරි Thursday, 28 June 2012 06:40 AM

හොඳ වෙලාවට මාල හොරෙක් වුණේ....ඇඳුම් හොරෙක් වුණානම්.....

:       0       0

චාමර Tuesday, 26 June 2012 03:00 PM

මොලේ කල්පනා කරල වැඩ කරන කෙල්ලෙක්...

:       0       0

රිපෝටර් ළමයා Thursday, 28 June 2012 01:57 PM

මම මේක මීට පෙර කියවල තියෙනවානේ අනේ....

:       0       0

බන්ගලියා Tuesday, 26 June 2012 03:38 PM

කතාවත් ටිකක් ඉමිටේෂන් වගේ ...?? ඊට වඩා තිසා හාමිගේ කමෙන්‍ට් එක හොඳයි...

:       0       0

හිල්මි Tuesday, 26 June 2012 10:09 PM

චේන් එක ඉමිටේෂන් නම් දෙන එක හරි...

:       0       0

ප්‍රසාද්-Male Tuesday, 26 June 2012 03:37 PM

දැන් රත්තරං අරන් හංගගෙන ඉන්න තමයි වෙන්නේ.විවාහයකටවත් දාන්න බෑ

:       0       0

චන්ද්‍ර Thursday, 28 June 2012 11:11 AM

ඉල්ලන්නත් කලින් දීල ..හොද....ළමයා

:       0       0

සුදා Tuesday, 26 June 2012 10:24 AM

හී හී හී.... හරි හිනා....

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 04:32 PM

ඔය තරැණිය දැන් ආච්චි කෙනෙක්.. අපේ තාත්තලගේ තරැණ කාලෙ කිව්ව කතාවක්නෙ ඕක..

:       0       0

නුවන් Tuesday, 26 June 2012 11:03 AM

නුවනක්කාර ළමයෙක්.

:       0       0

ඉන්දික Tuesday, 26 June 2012 11:06 AM

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ඉහළයි..

:       0       0

කුරැං ගුරැං Thursday, 28 June 2012 04:00 PM

මොනව උනත් හොද හොරෙක්.. පෙන්ඩන්ට් එකට ‍මොකුත් කරල නැහැ.. සමහර විට ඒකත් ඉමිටේෂන් කියල හිතන්න ඇති..

:       0       0

අචිනි Tuesday, 26 June 2012 11:03 AM

අනේ හසන්ත ළමයෝ මේක තමයි ආශ්චර්ය ,දැන් රට වැසියන්ටත් මොලේ පෑදීගෙන එනවා,බලන්න කොච්චර සුභදායක දෙයක්ද කියලා ?

:       0       0

කොටා Tuesday, 26 June 2012 04:16 PM

බෙන්ටෙන්ගේ කතාව හරි....

:       0       0

තිසා හාමි Tuesday, 26 June 2012 11:27 AM

මාල හොරෙක් නිසා හොදට ගියා..... ඇදුම් හොරෙක් එහෙම ආවනම් කිරි අප්පට බල්ලෝ පැනපි කිව්ව ලු.....

:       0       0

බෙන් ටෙන් Tuesday, 26 June 2012 12:48 PM

පිරිමින් රැ. 10,000 ක් වත් සාක්කුවේ දාගෙන ඉන්නේ නැහැ කොතැනක හෝ කවුරැ මංකොල්ල කයිද කියා බියෙන්. ඒ වුනාට කෙල්ලෝ ලක්ෂ ගණන් වටිනා රත්තරං බඩු සොරැන්ට පෙනෙන්නම දාගෙන පාරේ යනවා. පිරිමියෙකුගේ සාක්කුවේ නොපෙනෙන මුදල් කොල්ල කන ඒකද ලේසි කාන්තාවන්ගේ කරේ තිබෙන ලක්ෂ ගණන් වටින මාලය කඩා ගන්න එකද ලේසි? ඉතින් කවුද වැරදි? හොරාද ? අපිද?

:       0       0

mr Wednesday, 27 June 2012 12:07 AM

තරුණිය, "අනේ අයියේ කරදර කරන්න එපා කියමින් "...... ගලවා ඔහුගේ අතේ තැබුවාය. බඩුව ආච්චිගේ වගේ !!! අතටගත් ඔහුට වැටහිණි. කෝපයටපත් තරුණයා, "ජොලියට දමාගෙන යන්න මෙහෙම බඩුයැයි ඇගේ මූණට දමා ගසා යන්නට ගියේය.

:       0       0

සමන් Tuesday, 26 June 2012 01:16 PM

අනේ අයියෝ........ඉල්ලන හැමදේම ඔහොම දෙන්න එපා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site