(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සරමකින් හා කමිසයකින් සැරසුණු කෙස් සුදුවූ වයස්ගත පුද්ගලයකු මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකින් තරුණ පෙනුම ලබාදෙන බව කියන බෙහෙත් පෙති අඩංගු කාඞ්පතක් සොරා ගෙන ඇඳුම අස්සේ සඟවාගෙන යාමේ සිද්ධිය ආරක්ෂක කැමරා පද්ධතියේද සටහන් වී ඇත.

හිසකෙස් පවා සුදුවූ වයස්ගත පුද්ගලයකු මෙම රූපලාවන්‍යාගාරයට පැමිණ කෙස් කළු කරන ඩයි පැකට්ටුවක් ඉල්ලා එක් එක් වර්ගයේ ඒවා පරීක්ෂා කරමින් ටික වේලාවක් කල්ගත කර ඇත. එසේ සිටි පුද්ගලයා පසුව පිටව ගොස් ඇත. ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාරිකයා ඒ අවස්ථාවේ තවත් පුද්ගලයන් සඳහා ද භාණ්ඩ විකිණීමේ යෙදී සිට ඇත.
පසුව කළ පරීක්ෂාවකදී තරුණ පෙනුම ගෙන දෙන වැඩි වටිනාකමකින් යුත් පෙති අඩංගු කාඞ්පතක් අතුරුදන්ව ඇති බව හෙළිවී ඇත. අනතුරුව ආරක්ෂක කැමරාවේ දත්ත පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ අවස්ථාවේදී හෙළිවී ඇත්තේ හිස කළු කරන ඩයි සොයා ආ මහලු පුද්ගලයා තරුණ පෙනුම ගෙන දෙන පෙති කාඞ්පත සරම අස්සේ සඟවාගෙන පිටව ගිය බවයි.
තරුණ වෙන්නට පෙති සොරකම් කළ මහල්ලා සොයා ගැනීමට ව්‍යාපාරිකයා අදාළ ඡායාරූප ද සමග පොලිසියේ සහාය පැතීමට කටයුතු කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තරුණකම රැකදෙන පෙති කාඞ්පතක් සරම අස්සේ දාගෙන ගිහින්
sampath Wednesday, 24 July 2019 01:35 PM
ඔන්න ඕක අල්ලලා දාන්නකෝ...!!!
apeksha Monday, 29 July 2019 08:00 AM
ඔයිට වඩා මැති ඇමතිවරු ගසාකන්නේ... මේක පොඩි දෙයක්නේ...