IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තමා හැරගිය සැමියාට බිරියගෙන් අපූරු නත්තල් තෑග්ගක්

බිරියක් විසින් තම සැමියාට දුන් අපූරු නත්තල් තෑග්ගක් පිළිබඳ ගාල්ල පොලිසියෙන් වාර්තාවේ.


ඔහු විසිඅට හැවිරිදි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි. දරු දෙදෙනකුගේ පියෙකි. ඔහු තම බසයෙන් ගාල්ලේ උපකාරක පංතියකට එන දාහත් හැවිරිදි සිසුවියක් සමග හිතවත්කමක් ඇතිකර ගත්තේය. ඉන්පසු ඔහු ඇයට කිසි දිනක ටිකට් ගන්නැයි කීවේ නැත. ටිකට් නොගෙන බසයේ යන්නට ලැබීම භාග්‍යයක් සේ ඇය ද සැලකුවාය.


වැඩිකල් නොගොස් මේ හිතවත්කම ආදරයට පෙරළුණේය. එහි උපරිම ප්‍රතිඵලය වූයේ ඔහු ඇය සමග පැන ගොස් රහසේ කුලී නිවසක පදිංචිවීමය. එහෙත් ඔහු විවාහකයකු බව ඇය දැන සිටියේ නැත. අනෙක් ප්‍රතිඵලය වූයේ ඇයගේ අධ්‍යාපනය එතැනින් අවසන්වීමය. දියණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇයගේ මව්පියන් පැමිණිලි කර තිබූ අතර මෙය දැනගත් බිරිය ද පොලිසියට පැමිණිල්ලක් කළාය.


එහෙත් ඇය උපායශීලී වූවාය. කලබල වූයේ නැත. කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පොලිසියෙන් ද උපදෙස් ලැබිණ. ඇය සැමියාට දුරකතනයෙන් කතාකොට නත්තල් දිනයේවත් තමා සහ දරුවා බැලීමට එන ලෙසත් එක දිනක් හෝ තමා සමග ද සිටින ලෙසත් ආරාධනා කළාය. ඔහුට දීමට පුංචි නත්තල් තෑග්ගක් සූදානම්කරගෙන තිබෙන බව ද ඇය පැවසුවාය.


මේ ඉල්ලීම ඉවත දැමීමට ඔහුට නොහැකිවිය. නත්තල් දිනයේ බිරිය සහ දරුවන් බැලීමට ඔහු පැමිණියේ යහලුවෙකුගේ නිවසට ගොස් එන්නම් යනුවෙන් අනියම් බිරියට පවසමිණි. බිරිය සුහදව ඔහු පිළිගත්තාය. මාස කිහිපයකින්නේ අපි එකට ඉන්නේ යමු කාමරේට ඇය කීවාය. ඔහුද එයට සූදානම්ව කාමරයට යාමට සූදානම්විය. එහෙත් අවාසනාවට ඔහුට යාමට වූයේ කාමරයට නොව පොලිස් ජීප් රථයටය.


රැකවලෙහි සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් දාහත් හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේය. පොලිස් ජීප් රථයට නංවා ගත් ඔහු ළඟට පැමිණි බිරිය “කොහොමද මගේ නත්තල් තෑග්ග” යනුවෙන් ඇසුවේ කෝපයෙන් ගිනියම් වූ දෑසින් යුතුවය.


ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂිකා මංගලිකා සූරිආරච්චි, උප පොලිස් පරීක්‍ෂක ජයරත්න, සැරයන් සමරනායක (25312) කොස්තාපල්වරුන්වන මධුසංක (60658), ක්‍රිශාන්ත (49862) යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

(උණවටුන - ඩී.ජී. සුගතපාල)



අදහස් (0)

තමා හැරගිය සැමියාට බිරියගෙන් අපූරු නත්තල් තෑග්ගක්

අකිල Friday, 30 December 2016 04:37 AM

නිලාම්, එතකොට කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමී, නැතිවුණාට කමක් නැද්ද?

:       0       0

චින්තක Wednesday, 28 December 2016 06:12 AM

නියම දඩුවම (ම)

:       0       0

නිලාම් Thursday, 29 December 2016 04:52 AM

පිටිගල,මේ පුරැෂයා කරපු වැඩේ වැරදියි.නමුත් මේ කාන්තාව තෑග්ගක් දෙන බව කියා රවට්ටපු එක අනුමත කළ නොහැක. මුසාවාදා වේරමණි සීක්ඛා පදං සමාදියාමී.(බ)

:       0       0

කුමාර Wednesday, 28 December 2016 09:11 AM

එහෙම තමයි වෙන්න ඕන . නියමයි (බ)

:       0       0

නිත්‍යා Tuesday, 27 December 2016 04:08 PM

මෙන්න මෙහෙම තමයි බිරිඳක් කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

නිලාම් Tuesday, 27 December 2016 04:06 PM

කපටි කාන්තාවක්. සාමය සහා සතුට ගෙනදෙන දිනයක කළ ක්‍රියාව අනුමත කළ නොහැක. (නි)

:       0       0

කුමාර හේවගේ Wednesday, 28 December 2016 02:18 PM

දැන් ඉතින් දෙකම නෑ (බ)

:       0       0

රහීම් Tuesday, 27 December 2016 06:20 PM

නියම ටිකිරි මොළය! (නි)

:       0       0

කරූ-කලුතර Tuesday, 27 December 2016 11:42 PM

නියමෙට තෑග්ග දීලා. මෝඩ වැඩ නොකර කල්පනා කරලා වැ‍ඩේ කරලා තියෙනවා. (නි)

:       0       0

පිටිගල Wednesday, 28 December 2016 02:34 AM

නිලාම්, මේ පුරුෂයා කළේ හොඳ වැඩක්ද? එයා නියම බිරිඳක්. (නි)

:       0       0

වික්‍රම Wednesday, 28 December 2016 02:38 AM

අවුරුදු තෑග්ගට පන්සල් වත්තේ දාලා ගිය බලු පැටියෙක් ගෙනත් දුන්නා ජයා අපිට, ඒ දවස් වල... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site