IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තමුන්ගේයැයි සිතා අනුන්ගේ ලොරියක් සෝදලා

 (කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මහමගදී අනුන්ගේ ලොරියක් තමන්ගේ ලොරිය යැයි සිතා සේදීමට ගොස් පිරිසක් ඉදිරියේදී ලැජ්ජාවට පත් වූ මුදලාලි කෙනකු පිළිබඳව මතුගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.


 සිද්ධිය මෙසේය.


 එම මුදලාලි පොල් ව්‍යාපාරිකයෙකි. ඔහු ඉතාම ලෝභ පුද්ගලයෙකි. විවිධ ප්‍රදේශවලට ගොස් පොල් එකතු කර විකිණීම ඔහුගේ එක් ව්‍යාපාරයක් විය. ඔහු මේ වෙනුවෙන්ම අලුත් ලොරියක් මිලදී ගෙන තිබේ.


එහි රියදුරුකම ඔහු විසින්ම කළේ පිටස්තර පුද්ගලයකුට ලොරිය ලබා දුනහොත් එය පරෙස්සම් නොවන බව කියමිනි. ඔහු එම ලොරියට මහත් ආදරයක් ද දක්වයි.


 උදේ පාන්දර ලොරියට සුවඳ දුම් ඇල්ලීම, දෙහි එල්ලීම, වාහනය ගමනක් ගොස් පැමිණි පසු සේදීම ඔහු අතින් නොවරදවාම සිදුවෙයි.


ඔහු සිද්ධිය වූ දින මතුගම නගරයට පැමිණ ඇත්තේ පොල් වෙළඳාමටය. පොල් කඩ කිහිපයකටම ගොස් ආපසු එද්දී රියදුරු අසුනට අනෙක් පස දොරෙහි ඇති බුලත් කෙළ පාර දැක මුදලාලිට යකා ආරූඨ වී ඇත. බුලත් විට කන තම ගෝලයාට බැණ වදිමින් මුදලාලි ලොරියෙන් වතුර බෝතලයක් ගෙන දොර සේදීමට පටන්ගෙන ඇත. ඒ  මොහොතේම ලොරිය වෙත දිව ආ පුද්ගලයකු “මොකද මගේ ලොරිය සෝදන්නේ” යැයි අසා ඇත. එවිට ලොරියේ අංකය දෙස බැලූ මුදලාලි එය තමන්ගේ ලොරිය නොවන බව දැන වහා එතැනින් මාරු වූයේ වටපිට සිටින පුද්ගලයන්ට මුහුණු වසන් කරමිනි.

 



අදහස් (0)

තමුන්ගේයැයි සිතා අනුන්ගේ ලොරියක් සෝදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site