IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තනිය මකාගන්න බොරු පැමිණිල්ලක් කර රස්සාවටත් තට්ටුවෙලා

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
තවත් මුරකරුවකු ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය පෞද්ගලික වත්තක මුරකරුවෙකුට රැකියාව අහිමිවීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.


දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ පෞද්ගලික වත්තක සේවය කරන මුරකරුවෙකු පසුගියදා රාත්‍රියේ හදිසියේ පැමිණිල්ලක් දැමීම සඳහා දඹුල්ල පොලිසියට පැමිණ තිබිණි. ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ ටී 56 ගිනි අවියක් තම බෙල්ලට තබා ඝාතනය කරන බවට තර්ජනය කොට අයෙකු ඉඩම ඇතුළට ගිය බවය.  ඇතිවූ බිය නිසා පසුපස හඹා නොගිය බවත් පැමිණි පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි බවත් පොලිසියට ප්‍රකාශ කර තිබිණි.


දිගින් දිගටම ඔහුගේ පැමිණිල්ල සටහන් කිරීමට මත්තෙන් පොලිසිය විස්තර විමසන්නට වූ අතර ටී 56 ගිනි අවියක් අතැතිව පුද්ගලයෙකු පැමිණි නිසා වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ජංගම මුර සංචාර රථයට දුරකථනය හරහා දැනුම් දී එම ප්‍රදේශයේ සෝදිසියට පිටත් කර යැවීමට පියවර ගෙන තිබිණි.


කණ්ඩායමක් කලුන්දෑව ප්‍රදේශයේ ටී 56 ගිනි අවිය සහිත පුද්ගලයා පිළිබඳව විමර්ශන කටයුතු කිරීමට සූදානම් වෙද්දී පොලිසියේ සිටි සෙසු පොලිස් නිලධාරින් මෙය සිදු වූ ආකාරය පිළිබඳව මුරකරුගෙන් ප්‍රශ්න කරන්නට විය.


එහිදී එක් පොලිස් නිලධාරියකුට මේ පිළිබඳව සැක මතුවී මුරකරුගෙන් දැඩිව ප්‍රශ්න කරන්නට වූ අතර ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට අධිකරණයෙන් දඬුවම් විඳීමට සිදුවන බවත් දැනුම් දී තිබේ.


පසුව මෙම මුරකරු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ මෙම පෞද්ගලික වත්තේ එක මුරකරුවෙකු පමණක් සිටින බවත් තම රස්සාව ආරක්ෂා කර ගැනීමට තවත් මුරකරුවෙකු ලබා ගැනීමට ඇවැසි නිසා රාත්‍රී කාලයේ තමා දැඩි බියෙන් පසුවන නිසා මෙම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි බවත්ය. 


පසුව දඹුල්ල පොලීසියේ නිලධාරීන් වහාම ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරීන් පොලිස් ස්ථානයට කැඳවීමට පියවර ගෙන මෙම ප්‍රකාශය පිළිබඳව එම පෞද්ගලික වත්තේ හිමිකරුට දැනුම් දී ව්‍යාජ පැමිණිල්ල සටහන් කිරීමකින් තොරව මෙම පුද්ගලයාට දැඩි ලෙස අවවාද කොට පොලිසියෙන් පිටත් කර යවා තිබේ. පසුව වත්තේ හිමිකරු මෙම පුද්ගලයා ඉවත් කොට ඇතැයි පොලිසියට වාර්තා වී තිබේ.

 



අදහස් (0)

තනිය මකාගන්න බොරු පැමිණිල්ලක් කර රස්සාවටත් තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site