IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තදියම් වෙලා ඔක්කොම අනාගෙන

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර පවුල් බරෙන් තොර විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. එහෙත් තම ගුරු සගයන් සමගින් පුදුමාකාරයේ බැඳීමක් ඇති නිසා නිරන්තරයෙන් දානමාන ආදී සියලු කටයුතු වලදී සෑම තැනකම මුල්තැනක් ගන්නා අයෙකු බවට ප්‍රසිද්ධය. එමෙන්ම කඩිසරකම හා උනන්දුව වැඩිකම නිසාම බොහෝ හදිසි ආපදාවලට ලක්වන්නකු  ලෙසද ප්‍රචලිතය.
එක්තරා ගුරු මහතකුගේ දරුවකු අසනීපවීම හේතුවෙන් සිංහල බෙහෙත් වට්ටෝරුවක් සැමදෙනා අතටම පත්වූයේ එහි වූ ද්‍රව්‍ය හැකි පමණින් පුළුපුළුවන් අය විසින් සම්පාදනය කරගන්නටයි. විදුහල්පතිතුමා බෙහෙත් වට්ටෝරුවේ වූ රටඉඳි බාරගෙන තිබුණේ එදින බ්‍රහස්පතින්දා පොළ නිසාවෙනි. 
කඩිමුඩියේ පොළට දිවගිය විශ්‍රාමික විදුහල්පතිවරයා එක් වෙළෙඳ සලක නැවතී පොලිතින් වල ඔතා තිබූ පාර්සලයක් වහාම වෙළෙන්දාට පෙන්වා මිලදී ගෙන ඉක්මනින්ම ගොස් බාරදී තිබිණ. අසනීප දරුවාගේ පියා පින් දී එකී රටඉඳි මුල ශිතකරණයට දමා සෙසු ද්‍රව්‍යද ලැබීමෙන් අනතුරුව පිරිස සිටින අවස්ථාවේම බෙහෙත සාදන්නට ගියේය. රට ඉඳි කියන්නෙ දිව්‍ය ඖෂධයක් කියමින් එකක් විශ්‍රාමික විදුහල්පතිවරයා දරුවාගේ අතට දෙමින් තවෙකක් ගෙන තමන් කටේ දමාගත්තේ තමන් නොවන්නට රට ඉඳි නොලැබෙන්නටත් ඉඩ ඇති බවට උජාරුවක් පෙන්වමිනි. 
 
සැණෙකින් විදුහල්පතිවරයා ගොළු විය. පසුව අසනීප දරුවා ද සැණෙකින් මුහුණ ඇඹුල් කරගෙන කෑ රට ඉඳි එළියට විසි කළේ පිරිස බලාගෙන ඉද්දිය. සිදුවූ දෙය කාටත් හිතාගත නොහැකි වුවත් විශ්‍රාමික විදුහල්පතිවරයා දෙස සියලුදෙනා හැරී බලන විට ඔහුගේ මුහුණද දරුවාගේ මුහුණට නොදෙවැනි වී තිබිණි.
පළමුව සියලුදෙනා විමසා බැලීමේදී සිදුව තිබුණේ විදුහල්පතිවරයා හදිසියට පොළට ගොස් කිසිදු විමසීමකින් තොරව පෙන්වා මිලදීගෙන තිබී ඇත්තේ සියඹලා පාර්සලයක් බවයි. සියලු දෙනා කඳුලු සලමින් සිනා නගද්දී ලජ්ජාව වසා ගන්නට විදුහල්පතිවරයා වහා ගොස් සුපිරි වෙළෙඳසලකින් හොඳම වර්ගයේ සන්නාමයක් සහිත මිලෙන් අධික රටඉඳි පාර්සලයක් දරුවා වෙනුවෙන් ගෙනත් දුන්නේ සෙස්සන් කොක් හඬ තලමින් සිනා නගද්දීය.



අදහස් (0)

තදියම් වෙලා ඔක්කොම අනාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site