IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තාත්තා පුතාට එරෙහිව පොල්ගහේ උපවාසයක

පුතාගේ නිවසේ කාමරයක් තමන්ට අවශ්‍ය බව කියා දෙදිනක් තිස්සේ පොල් ගසකට නැග උපවාසයේ යෙදුණු නවදරු පියකු පොල් ගසෙන් බස්සවා පිටත් කරන්නට දිවුලපිටිය පොලිසිය පියවර ගනු ලැබීය. 


රට පුරා සැරසරමින් එදිනෙදා ජීවිකාව ගෙන යන නවදරු පියෙකි. නිතරම දරුවන්ට කරදරකාරී ලෙස හැසිරෙන මේ පියා තම නිවෙස්වෙත වැද්දා ගන්නට දරුවන් කැමතිද නැත. මේ පියා නිවසක මුරකරු ලෙසද කටයුතු කරමින් සිටියේය. 


මේ අතර පුත්‍රයකු කුඩා බිම් කඩක නිවසක් තනාගෙන අනුන්ට බරක් නොවී දිවි ගෙවා ගෙන යන්නේ බාල නැගණියගේද අනාගතය සුරක්ෂිත කරමිනි. බාල දියණිය පුතුගේ නිවසේ සිටීම ගැන පියා කැමති නැත. ඇය පියා සමග යන්නට කැමතිද නැත. මේ නිසා පියා යෝජනාවක් කළේය. ඒ පුතුගේ කුඩා නිවසේ කාමරයක් තමන්ට පදිංචිවීමට දෙන ලෙසය. 


ඔහුගේ ක්‍රියා කලාපයන් ගැන හොඳින් තේරුම් ගෙන සිටිය  පුතා එයට එකඟ වූයේ නැත. ඉන් කෝපයට පත් පියා සිය යතුරු පැදියෙන් පුතාගේ නිවසට අසලට ගියේය. යතුරුපැදිය පාර අයිනේ නැවතු පියා පුතුගේ නිවස අසල පොල් ගසකට නැග්ගේ  නිවසේ කාමරයක් දෙන පොරොන්දුව දෙනතුරු ඉන් නොබසින බව පවසමිනි. 


පියාගේ මේ යෝජනාවට කිසිසේත්ම එකඟ නොවන බව පුතා කියද්දී අසල්වැසියන්ද සිටියේ පුතුගේ සහායටය. ඒ පියාගේ හැසිරීම ගැන හොඳින් දන්නා බැවිනි. දෙදිනක් තිස්සේ ඔහු ගස මුදුනේය. මේ බව පොලිසියට පැමිණිලි කෙරුණේ මේ අතරය. පොලිසිය පැමිණියේය.  පොලිසියේ නියෝගයෙන් පියා ගසෙන් බැස්සේ පරාජය පිළිගනිමිනි. පොලිසියට කැඳවාගෙන ගිය පියාට තරයේ අවවාද ලබන්ට සිදුවිය. පුතුටත් කුඩා දරුවන්ටත් නිදහසේ ඉන්නට ඉඩ දෙන ලෙසත් එසේ නොවුනහොත් තදින් ක්‍රියා කරන්නට සිදුවන බවටත් පොලිසිය පැවසීමෙන් පසු දරුවන්ට කරදර නොකරන බවට පොරොන්දුවන්ට පියාට සිදුවිය.


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

 



අදහස් (0)

තාත්තා පුතාට එරෙහිව පොල්ගහේ උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site