IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තාත්තාගේ හෘදයාබාධයට ගෙවූ මුදල් දෙන්න පුතා බිල්පත් ඉල්ලලා

(තිහගොඩ 
උපසේන ලියනගම)
දකුණු පළාතේ දෙවියන් ගැන කියැවෙන උපනගරයකි. 


එහි පදිංචි මේ පවුලේ මව, පියා සමග සිටියේ පිරිමි දරුවන් දෙදෙනකු පමණකි. ලොකු පුතා ඉගෙනීමෙහි අදක්ෂයකු නිසා පසුකලෙක පවුලේම කටයුතුවලට යොමු වුවත් පොඩිපුතා දක්ෂ ලෙස විභාග සමත්වී අගනුවර විගණන කටයුතු පිළිබඳ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු වී එහිම පදිංචි විය.


පසුගිය දා පියාට හෘදයාබාධයක් වැළඳීම නිසා අයියා මල්ලීට දුරකතන ඇමතුමක් දුන්නත් ඔහු ආවේ නැත. එහෙත් ප්‍රතිකාර ගත යුතු වෛද්‍යවරුන් හා එම කටයුතු කෙරෙන ආකාරය කී ඔහු “අයියා වියදම් කරන්න මම ආවම ඔක්කොම බිල ගෙවනවා” කීවේ විස්තර සහිතවය.


රැකියාවක් නොමැති ඔහු අමාරුවෙන් ජීවත් වුවත් දහ අතේ ණය වී පියාට ප්‍රතිකාර කළේ මල්ලී ආපසු ඒවා ගෙවන බව කී නිසාය.


පියා සුවපත් වූ බව දත් මල්ලී මාසය අගදී එහි ආවේය. සුහද කතාබහෙන් පසු අයියා වැයවූ මුදල් ගැන කී විට “මට ඔය ඔක්කොම ගෙවපු ඒවාට බිල්පත් දෙන්න ඕනෑ. මං සේරම ගෙවන්නං” කීවෙන් අයියා විමතියට පත්ව දැන් බිල්පත් ගෙවීමට දස අතේ දුවනවා ලු. 

 



අදහස් (6)

තාත්තාගේ හෘදයාබාධයට ගෙවූ මුදල් දෙන්න පුතා බිල්පත් ඉල්ලලා

Jay Wednesday, 01 January 2020 09:39 AM

අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. විගණන ආයතනයකනේ වැඩ කරන්නේ.

:       1       68

AnandaRWednesday, 01 January 2020 08:44 PM

ආයතනයේ විගණනය වගේ නොවෙයිනේ... ගෙදර ගියාම විගණනයට අහුවුණාම...

:       0       26

beau Wednesday, 01 January 2020 08:23 PM

මට නම් මේකේ වරදක් පෙන්න නැත. රෝහලට වියදම් කළා කියනවනම් බිල්පත් තිබිය යුතුය.

:       29       38

viraj Thursday, 02 January 2020 04:00 AM

මල්ලි බලන්නේ බිල් ටික අරගෙන එය දාපු ඉන්ෂුවරනස් එකකින් ක්ලේම් කරන්න. කපටි අය එතනිනුත් සල්ලි වියදම් කරන් නැතුව මැච් එකක් ගහන්නේ.

:       0       54

sugathThursday, 02 January 2020 10:54 AM

කොහොමද එ්ක හරියටම දන්නේ ? රටේ ඉන්න ඔක්කොටොම ඉන්ෂුවරනස් තියෙනවද?

:       0       1

ThushanSaturday, 04 January 2020 07:45 AM

සුගත් ඇත්ත කියන්නේ ඔයා නේද මල්ලි?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site