(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
ගෙවත්තේ ඇති ගෙඩි හට නොගන්නා අලි ගැට පේර ගසක ගෙඩි හට ගැන්වීම සඳහා මිතුරකු කියාදුන් ‘‘කෙමක්’’ සිදුකිරීමට ගිය පුද්ගලයකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතකි මේ.
වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකිනි.
ඔහු රජයේ කාර්යාලයක සේවය කරන ලිපිකරුවෙකි. බිරිය පාසල් ගුරුවරියකි. නිවාඩු දිනවලත් එමෙන්ම තමාට විවේකය ලැබෙන අනිකුත් අවස්ථාවලත් ගෙවත්තේ එළවළු, පලතුරු හා වෙනත් බෝග වර්ග වගා කිරීමට ඔහු දැක්වූයේ මහත්වූ උනන්දුවකි.
ඒ නිසාම කෙසෙල්, ගස්ලබු, අන්නාසි, දොඩම් ආදී පලතුරු වර්ග, එළවළු වර්ග නිවසේ පරිභෝජනය සඳහා ඔහු වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ ඉතාම කලාතුරකිනි. ඔහුගේ ගෙවත්ත ගමේ අන් අයටද ආදර්ශ ගෙවත්තක් විය.
මීට වසර 10කට පමණ පෙර ගෙවත්තේ සිටුවන ලද අලිගැට පේර ගසක් සරුවට වැඩී තිබුණද එහි ගෙඩි හට නොගැනීම ඔහුගේ සිත් තැවුලට හේතුවක් විය. මේ ගැන දැනුමක් ඇති බොහෝ දෙනකුගෙන් උපදෙස් ලබාගෙන අවස්ථා ගණනාවකම කටයුතු කළද එයින් සෙතක් නොවිණි.
පසුගිය දිනක මංගල උත්සවයකදී පැමිණි පාසල් මිතුරකු මුණගැසී කතා බහ කරමින් සිටියදී පේර ගස ගැන කතාව මිතුරාට පවසද්දී ඔහු ගහේ ගෙඩි හට ගැන්වීම සඳහා “කෙමක්’’ කියා දුන්නේය.
මගේ වත්තෙත් ඔය වගේ ගෙඩි හැදෙන්නේ නැති දොඩම් ගහක් තිබුණා. මේ කෙම කෙරුවා. දැන් හොඳට ගෙඩි හැදෙනවා. ගෙදර ඉන්න අනිත් අය අවදිවෙන්න කලින් උදේ පාන්දරින්ම නැගිටලා පොල්ලක් අරගෙන ගහ ළඟට ගිහිල්ලා පොල්ලෙන් ගහට පාර කීපයක් හයියෙන් ගහන්න. ගහේ පොතු ටිකක් ගැලවෙනකම්. හැබැයි ගහ ළඟට යන්න ඕනෑ ඇඟේ ඇඳුම් නැතුව නිර්වස්ත්‍රවයි. ගෙයින් එළියට බහින්න ඕනෑ ඇඳුම් නැතිව. ගෙදර කාටවත් මේ ගැන කියන්න එපා.’’
මිතුරාගේ උපදේශයට හොඳින් කන් යොමාගෙන සිටි ඔහු එදින පැමිණියේ පසුදා පාන්දරම මිතුරා කී ‘‘කෙම’’ සිදුකිරීමේ අදහසිනි.
පසු දින පාන්දරින්ම අවදිව ඔහු මිතුරා ලබාදුන් උපදේශය අනුව නිවස පිටුපස ඇති පල නොදරණ අලිගැටපේර ගස අසලට ගොස් ගසට පොලු පහරක් එල්ල කරද්දීම නිවස ඇතුළෙන් ඇසුණේ බිරිය කෑගසන හඬයි.
‘‘අනේ දරුවනේ මෙන්න ගෙට හොරු පැනලා පිටිපස්සෙ දොර ඇරලා. අල්මාරි කඩල බලපල්ලා. නැගිටලා මෙහෙ වරෙල්ලා. මට ගේ පිටිපස්සෙන් අඩි සද්දෙකුත් ඇහුණා.’’
මවගේ හඬ ඇසී දරුවන් දෙදෙනා වහා පැමිණියේ නිවසේ පිටුපස දොර අසලටය. පුතාගේ අතේ යකඩ පොල්ලකි. දියණිය පැමිණියේ පිහියක් අතැතිවය. බිරිය අතේ කැත්තකි.
කෑගහන්න එපා ළමයිනේ මම එළියට ආවේ කියමින් පියා ඔවුන් සිටි දෙසට පැමිණියේ පොහොර උරයක් ඉනේ පටලවාගෙනය.
‘‘ඈ මනුස්සයෝ තමුසෙට පිස්සුවක් හැදිලද මේ පාන්දර ජාමේ. ඊයේ මගුල්ගෙදර ගිහිල්ල ගෙදර ආවේ හොඳ පදමට සූර් වෙලානේ. මොකක්ද ඔය පටලවාගෙන ඉන්නේ. කෝ ඇඳගෙන හිටපු සරම. තව පොඩ්ඩෙන් හොරෙක් කියලා හිතලා පුතා තමුසෙට පොලු පාර දෙනවා.’’
තමා සිදුකිරීමට ගිය ‘‘කෙම’’ ගැන ඔහු සියලු දෙනාට පැවසුවේ මේ සිද්ධිය කිසිවකු හා නොකියන ලෙසට ආයාචනා කරමිනි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
තාත්තාගේ කෙම වැරැදිලා: පුතාගෙන් ගුටි නොකා බේරිලා
Pradeep Kumara Friday, 28 January 2022 08:48 AM
දැන් ගහේ ගෙඩි හැදෙනවද?