IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා

  • ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

වඳින්න ගිය දේවාලය ඉහට කඩා වැටුණායි පැරණි කියමනක් තිබේ. මෙය සිහියට ආවේ සිය ආදරණීය පියාණන්ට යහපතක් කරන්නට ගිය පුතකුට තරුණ පිරිසක් ගුටිබැටදී හිරිහැර කිරීමේ සිද්ධියක් පිළිබඳව අසන්නට ලැබුණු සත්‍ය පුවතක් නිසාවෙනි.

දකුණේ ගමක විසූ පියා මේ වනවිට හැත්තෑපස් හැවිරිදිය. ඔහුට දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතා යුදහමුදා සේවයේ යෙදී සිට දැනට විශ්‍රාම ලබා සිටින්නකු වූ අතර පියා ජීවත්වූයේද එම පුතාගේ නිවෙසේය.

වයස්ගතවූ මේ පියාට වරින් වර සිහිමද වන ගතියක් තිබුණි. පසුගියදා පියා අසනීපවීම නිසා පියාට දැඩිසේ ආදරය කළ මේ පුතා ඔහු රෝහල්ගත කර ඔහුගේ සාත්තු සප්පායම් සඳහා පියා ළඟ නතරවද සිටියේය.

සුවපත්වූ පියා පසුගියදා රෝහලෙන් මුදාහැරීමට වෛද්‍යවරු කටයුතු කළහ. රෝහලෙන් බැහැරවූ පියා ලොකු පුතාගෙන් ඉල්ලා සිටියේ ටික දිනක් තමන් දියණියගේ නිවෙසේ නතර කරවන ලෙසය. ඒ අනුව ලොකු පුතා සිය ත්‍රී රෝද රථයෙන් පියා එක්කරගෙන ගියේ අගනුවරට ආසන්න නගරයක ජීවත්වූ සිය නැගණියගේ නිවෙස බලා ය.

මේ යන අතරතුරේ රථයේ වූ පියා එක්වරම කෑගසන්නට වූයේ ඔහුගේ සිහිමද ගතිය මතුවීමෙනි.  

“මෙන්න මූ මාව කොහේ හරි දාල යන්න අරගෙන යනවෝ”‍ කියමින් ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පියා නොනවත්වාම කෑගසන්නට විය. ඒ වනවිට ඔවුන් ගමන් කරමින් සිටියේ නගරයක් මැදිනි. නගරයේ වූ තරුණ පිරිසක් එක්වරම පැන ත්‍රී රෝද රථය නතරකරවාගෙන එහි සිටි පුතාට ඉවක්බවක් නැතිව පහර දෙන්නට වූහ.

ලොකු පුතා පැවසූ කිසිම දෙයක් මායිම් නොකළ තරුණ පිරිස පහර දෙද්දි ඔහු සිය යුදහමුදා සේවයේදී ප්‍රගුණකළ ඉවසීමේ ගුණාංගය සිහියට ගෙන ඉවසා සිටියේය. පසුව ඔහු සිය නැගණියට දුරකතන ඇමතුමක් දී  සිදුවීම පවසා ඇය එම ස්ථානයට ගෙන්වාගත්තේ වෙන කළ හැකි දෙයක් නොවූ හෙයිනි.

 ඇය පැමිණීමෙන් පසු තරුණ පිරිස සත්‍ය තේරුම් ගත්තද ඒ වනවිට ලොකු පුතා ඔවුන්ගෙන් පහරකා හෙම්බත්ව සිටියේය. ඔවුන්ගෙන් පහර කෑමෙන් ලත් තැළුම් තුවාල හොඳකරගන්නට ඔහු තවමත් ප්‍රතිකාර කරන අතර ඔහු පැවැසුවේ පාර අයිනක අසනීපයකින් වැටිල ඉන්න කෙනෙක් රෝහල්ගත කරන්නවත්  කවුරුවත් ඉදිරිපත්  නොවන රටේ පොලිස් බලතල අතට ගෙන චණ්ඩිපාට් දමන මෙවැනි මිනිසුන් ඉන්න එක ගැන තමන් පුදුමවන බවයි. 



අදහස් (0)

තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 646 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site