IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තාත්තෙක් සල්ලි වලට අරන් සිසුවා පාසල් ඇවිත්

බස්නාහිර පළාතේ උප නගරයක් ආශ‍්‍රිත ප‍්‍රධානපෙළේ පාසලකි. සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් බෙදා දෙන දිනයේ දීර්ඝ නොපැමිධෑමක් ඇති සිසුන්ට මව හෝ පියා කැඳවාගෙන එන ලෙසට දැනුම් දී තිබිණි.

එක් තරුණ පියකු පුතා සමඟ එහි පැමිණ පුතා අසනීපයෙන් සිටි බව පැවසුවේ කඳුළු සලමිනි. සිසුවාට අයැදුම්පත ලැබිණි. මොහොතකින් එහි දිව ආ පන්ති භාර ගුරුවරයා ‘‘සර්, අරයා එක්ක ආවෙ තාත්ත නෙමෙයි ටවුමෙ ත‍්‍රීවීල්කාරයෙක්. අන්න ගේට්ටුව ගාව ගනුදෙනුව බේරගන්න බැරුව රණ්ඩු වෙනවා’’ කීවේය.

විදුහල්පතිට හිනා ගියේය. ‘‘කමක් නෑ. මේව කොහොමටවත් නොදී බැහැනේ. අපිත් රැුවටුණු විදියට ඉඳිමු’’. විදුහල්පති පවසන විටම එතැනට දිව ආ එම පාසල් සිසුවා ඉරී පොඩිවී ගිය සුදු කමිසය ද පෙන්වමින් ‘‘සර් මට මිනිහෙක් ගේට්ටුව ළඟදි ගැහුවා’’යි පන්ති භාර ගුරුවරයාට කිවේ අඬමිනි.

එය අසා සිටි විදුහල්පතිවරයා ‘‘කමක් නෑ. ඒ තමුන්ගේ අනියම් තාත්තනෙ’’ කී විට සිසුවා පන්ති බාර ගුරුවරයා දෙස හොරැුහින් බලා ඉවතට ගියේ පොඩි වී ගිය කමිසය සකස් කර ගනිමින්ලූ.



අදහස් (0)

තාත්තෙක් සල්ලි වලට අරන් සිසුවා පාසල් ඇවිත්

සුලෝචන Thursday, 10 December 2015 06:09 PM

ඉනොකාගේ ළමයට නම් ඉල්ලුම් පත්තරය වහාම ලැබෙයි (නි)

:       0       0

වසන්ත Monday, 14 December 2015 07:31 PM

මගේ මල්ලිත් ඔයවගේ දෙයක් කරලා ඒ වෙලාවෙම අහුවුණා (නි)

:       0       0

ටී. සුනිල් Saturday, 12 December 2015 11:40 AM

සුනිමල්, ‍එහෙම වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 13 December 2015 10:40 AM

මගේ පාසල් කාලයේදී මමත් මෙහෙම දෙයක් කරලා බේරුනා. අසුවුණේ නැහැ. මේවා ළමා කාලයේ කරනා දේවල්. එතරම් ගණන් ගතයුතු නැහැ (නි)

:       0       0

භාතිය Friday, 11 December 2015 05:11 PM

විදුහල්පතිගේ බුද්ධිමත් බව අපටත් ආදර්ශයක්. (නි)

:       0       0

කවින්ද Thursday, 10 December 2015 12:17 PM

දැන්ම ඉඳලම මෙහෙම හොර කළාම ලොකු වෙනකොට මොනවා නොකරයිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 December 2015 12:12 PM

මේවා ඒ තරම් ගණන් ගන්න හොඳ නැහැ. විදුහල්පතිතුමාත් හොඳ අවබෝධයක් ඇති මහත්තයෙක්. මේවා කොල්ලෝ කොලුකමට කරන ඒවා (නි)

:       0       0

මනෝජ් Thursday, 10 December 2015 06:24 AM

සාමාන්‍ය පෙළට ඔහොමනම් උසස් පෙළ ඇඩ්මිෂන් එක ගන්න මොන විප්ලවයක් කරයි ද දන්නේ නෑ (බ)

:       0       0

සුනිමල් Friday, 11 December 2015 08:14 AM

දැන් කාලේ ඇහැට කනට පෙනෙන කාන්තාවක් විදුහල්පති සමඟ හෝටලේකට රිංගුවාම ලෙහෙසියෙන්ම ළමයාට ඉල්ලුම් පත්‍රය ලැබෙයි. (බ)

:       0       0

මහින්ද - සෞදි Thursday, 10 December 2015 06:54 AM

තාත්ත මුදලට ගත්ත එකත් රජයේ අය වැය වගේය (බ)

:       0       0

ජයනාත් Thursday, 10 December 2015 07:53 AM

ඊයේ පෙරේදා අම්මා කෙනෙකුත් සල්ලිවලට අරන් වංචනික විවාහයක් කරගෙන තිබුනේ විධායක නිලධාරියෙකුත්. (බ)

:       0       0

ලසන්ත Thursday, 10 December 2015 08:14 AM

ඔය මොනවද? මා උසස්පෙල ඉගෙනුම් කරන අවදියේ දිනක් පන්තියේ මිතුරන් කිහිපදෙනෙකු විස්කි බී හසුවුනා. විනය පාලක නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන් පිළිවෙලින් ගුටි කන විට සිදුවීම මුලසිට අගටම හෙලිවුනා. පාසැලට විස්කි බෝතලය රැගෙන පැමිනි සිසුවා පවසා ඇත්තේ "සර්, මම පාසැලට එන මගදී කෙනෙක් පිහියක් පෙන්වා මා බයකොට විස්කි බෝතලය බෑගයට දැමූබව"යි. එය ඇසූ සර්ගේ කේන්තිය විගසින් නැති වී ගොස් මුහුනේ පහල වූ සිනහව නවතාගත නොහැකිව වහා විදුහල්පති හමුවීමට ගියාලු. (ර)

:       0       0

තුෂාරී Friday, 11 December 2015 10:13 AM

අනේ අනේ සුලෝචන බටහිර රටවල් වල ඉන්න අයට ලංකාවේ ඉල්ලුම් පත්තර මොනවාටද? අනේ මෙහෙමත් විහිළු. (බ)

:       0       0

රණසිංහ Thursday, 10 December 2015 02:42 PM

අනේ මෙහෙමත් ළමයි? (නි)

:       0       0

ඉනෝකා Thursday, 10 December 2015 10:35 AM

මේ වාගේ සිදුවීම් මම නම් දැකලා තියෙන්නේ සමහර චිත්‍රපටිවලයි .දැන් ඇත්තටමත් මෙහෙම දේවල් වෙනවාද? ගනු දෙනුව බේරගන්න මේ සිසුවාට කොහෙන්ද දන්නේ නැහැ මුදල් ලැබුනේ..(ම)

:       0       0

සුනිල් ගිකියනගේ Thursday, 10 December 2015 04:39 PM

විභාග ප්‍රතිඵල ආවහම පෙනෙයි තාත්තාගේ අගය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site