IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


තට්ට සර්ට පාරේදී අමුතු සැලකිල්ලක්

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
ආයතනයක ලිපිකරුවන් දහ දොළොස් දෙනකු සමග ගමනක් යමින් සිටි එම ආයතනයේ ගණකාධිකාරීවරයාට අතරමගදී පිරිසක් ‘දණ්ඩ නමස්කාරය’ කළ පුවතක් අනුරාධපුර නගරයේ ආයතනයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ආයතනයේ ලිපිකරුවකුගේ ආච්චිගේ අවමඟු‍ල් උත්සවය සඳහා ආයතනයේ කීප දෙනකු සමග වෑන් රථයකින් මහඉලු‍ප්පල්ලම බලා ඔවුහු එදින පිටත් වූහ.
මෙම ආයතනයේ ගණකාධිකාරිවරයා ජැන්ඩි පහට අඳින කඩවසම් හාදයකි. වැඩිපුර ඔහු ඇන්දේ කහපාට හෝ එයට සමාන පාටකට හුරු කමිස වීම විශේෂත්වයකි. ඉතා ශාන්ත දාන්ත මුහුණකට උරුමකම් කියූ ඔහු නිරතුරුවම මඳ සිනාවකින් මුව සරසාගෙන සිටියේය. සේවකයන් ඔහුට දැඩි පක්ෂපාතී බවක් පෙන්වා, අපේ එකවුන්ටන් මහත්මයා යැයි පැවැසුවත් ඔහු නොමැති තැන්වලදී එම වචනය ‘අපේ එකවුන්ටන් තට්ටයා’ බවට හරවා කීමට සේවක පිරිස පුරුදුව සිටියහ. ඒ, ඔහුගේ ඔළු ගෙඩිය තුළ බේතකටවත් එක කෙස් ගසක් වත් සොයා ගැනීමට නොහැකිව තිබූ නිසාය.
සේවක සේවිකාවන් පිරිවරාගෙන වෑන් රථය මහඉලු‍ප්පල්ලම දක්වා ඉදිරියට ඇදෙමින් තිබිණි. ගණකාධිකාරිවරයා ශාන්ත දාන්ත මුහුණෙන් ඉදිරි අසුනේ නිදි කිරමින් සිටියේය.
මහඉලු‍ප්පල්ලම මළගෙදරට යන පාර දන්නේ එතුමාය. කෙසේ හෝ එහි යන පාර පසුකර ආවාදෝයි සැකයක් ඇති වී “අපේ එකවුන්ටන් මහත්තයාට පාර වැරදිලා වගෙයි නේද?”‍ ඇසීය. නින්දත් නොනින්දත් අතර සිටි ගණකාධිකාරිවරයා අවදි වී වටපිට බලා මාර්ගය වැරදී ඇති බව වටහා ගෙන රියැදුරාට පැවැසුවේ ඉස්සරහ කවුරුහරි හිටියොත් නතර කරන ලෙසය.


කාන්තාවන් සහ පිරිමින් හත්අට දෙනකු මාර්ගය අයිනේ සිටිනු දැක රියැදුරා වාහනය නතර කළේය. එකෙනෙහිම වාහනයේ වීදුරුව පහත් කොට ගණකාධිකාරිවරයා සිය ‘දිලිසෙන තට්ටය’ එළියට දමා “අම්මලා අපට කියන්න පුළුවන්ද අර මළගෙදර යන පාර කොහෙද කියලා?” යැයි ඇසීය.
පාර අයිනේ සිටි පිරිස සිටි තැන්වලම දෑත් වදින ඉරියව්වට ගෙන එතැනම දණ නමා වදිමින්, “අපේ හාමුදුරුවනේ ඔතැනින් වමට දාලා ටික දුරක් ඔහොමම වඩින්න.”‍ යැයි පැවැසූහ.
වෑන් රථය තුළ සිටි පිරිසට කාරණය වැටහුණි. ඒ ඔවුන්ගේ ‘එකවුන්ටන් තට්ටයා’ එදින ඇඳ සිටියේ කහ පැහැයට හුරු කමිසයක් නිසා ඔහු මොහොතකට හාමුදුරු නමක් බවට පත්ව ඇති බවය. 
සේවක පිරිස සිනහව එළියට පනින්නට ඉඩ නොදී දෙතොල් තදින් හපාගෙන සිටියත් ගණකාධිකාරිවරයා සුපුරුදු සිනහවෙන් පිරිසට ස්තුති කොට වාහනයේ වීදුරුව වසා සිය තට්ටය සහිත ඔළුගෙඩිය බිමට නවාගෙන ඇති තරම් සිනාසුණේය. එදින ඔවුන් මළගෙදර සිට ආපසු ආවේ සිනා සාගරයක් මැදය. දැන් එම ගණකාධිකාරිවරයා එනවිට ආයතනයේ පිරිස “අන්න අපේ ලොකු හාමුදුරුවෝ වඩිනවා”‍ යැයි කීමට පුරුදු වී ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (0)

තට්ට සර්ට පාරේදී අමුතු සැලකිල්ලක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පොට්ටනිය ලෙඩාට පත්තුවෙලා
2024 පෙබරවාරි මස 22 414 0

හේ බද්දෙගම පුරවරයට නුදුරු ගමක වෙසෙන්නෙකි. ගමන නිතරම යතුරු පැදියෙනි. දිනක් යතුරු පැදිය පදවාගෙන ගමනක් යාම සඳහා පිටත්විය. මේ ගමන අතරතුර දඩාවතේ යන බල්ලෙක්


මුහුණු පොතේ පාසල් පිටුවෙත් කුණු හරුප
2024 පෙබරවාරි මස 21 881 0

දකුණේ මිශ්‍ර පාසලක නිල මුහුණු පොතේ පිටුවට එක්වූ අමුතුම ආකාරයේ වීඩියෝවකින් එම විදුහලේ ගුරු, සිසු, ආදි සිසුන් හා මවුපියන් තුෂ්නිම්භූත වූ අපූරු පුවතක් ගැ


බස් රියේ වැලන්ටයින් පෙම බීඩියකින් බ්‍රේක්වෙලා
2024 පෙබරවාරි මස 20 1473 0

තරුණයකු වැලන්ටයින්දා ඉතා අමාරුවෙන් යාළුකරගත් තරුණියක බීඩියක් නිසා අහිමි වූ අපූරු පුවතක් දකුණේ පිටිසරබද ප්‍රදේශයකින් වාර්තාවේ. වාර්තා වන අන්දමට සිද


බොරුව අතේ පත්තු වී මඟු‍ලත් කැඩිලා
2024 පෙබරවාරි මස 19 3758 1

දහනව හැවිරිදි දියණිය රැකියාවකට ගිය පසු වසර විස්සකට වැඩි කලක් රහසක්ව තිබූ සැමියාගේ රැකියාවේ තත්ත්වය පිළිබඳව කරුණු හෙළිදරව් වීමෙන් පසු බිරිය සැමියා අත


අලු‍ත් විදුහල්පතිනියගේ නැකතට පරණ විදුහල්පති වැඩට ඇවිත්
2024 පෙබරවාරි මස 16 1503 0

නව විදුහල්පතිනිය සුබම සුබ නැකතින් වැඩ බාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මාරුවීම් ලද හිටපු විදුහල්පති නැවතත් එම විදුහලේ විදුහල්පති ලෙසට නැවත වැඩ බාර ග


අම්මකුගේ උත්තරේට විදුහල්පති තමන්ටම ගහගෙන
2024 පෙබරවාරි මස 15 1573 2

මත් ගුලියක් නිසා රජරට පළාතේ අතිදුෂ්කර පාසලක විදුහල්පතිවරයකුට තමාටම වේවැල් ප්‍රහාරයක් එල්ලකර ගැනීම‍‍ට සිදුවූ පුවතක් ඉකුත් දිනක අසන්නට ලැබුණි. මෙම පා


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 175 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 238 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site