IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තෑගි පාර්සලයේ පූස් පැටව් දැක හාමිනේ යක්ෂණියක් වෙලා

පාරේ වැටී තිබූ හුරු බුහුටි පාර්සලයක් ගෙදර ගෙන ගිය විට දී බිරියගෙන් අපූරු දඬුවමක් ලැබීමේ සිද්ධියක් ගාලු‍ දිසාවේ ගමකින් වාර්තා වේ.
මොහු දක්ෂ කාර්මිකයෙකි. සිය බාල සොහොයුරා සමඟ පොරොන්දු වැඩකට ගොස් උදේ පාන්දර පාපැදි දෙකකින් ආපසු එද්දී පාර අයිනේ දැකුම්කළු අයුරින් සකසා තිබූ තෑගි පාර්සලයක් වැටී තිබෙනු දුටුවේය.
තරමක් විශාල පෙට්ටියක් වූ මෙම පාර්සලය තෑගි භාණ්ඩ දවටා දෙන ලස්සන මල් තිබෙන කොළකින් දැකුම්කළු අයුරින් සකසා තිබිණි. පාර්සලය දකින අයට එය නොගෙන ඉවත බලා යාමට නොහැකිය.
කාගේ හෝ පාර්සලයක් වැටී ඇතැයි දෙදෙනා පාර්සලය දැක සැක කළහ.


‘පොඩි අයියේ.. ඕක ඉක්මනට ගන්න. පාර දෙපැත්තේ කවුරුවත් පේන්න නැහැ. ඉක්මනින් බයිසිකලයේ ලැගේජ් එකේ ගැට ගසා ගන්නි යැයි සොහොයුරා කීය.
පොඩි අයියා පාර්සලය බයිසිකලයේ ගැට ගසාගෙන ගෙදර ගෙනාවේය.
‘පොඩි අයියේ.. මේ පාර්සලය නම් ටිකක් ලොකුයි.. ලස්සනට ඔතලත් තිබෙනවා. කාට හරි තෑගි දෙන්න පාර්සලයක් වෙන්නැති වැටෙන්න ඇත්තේ..‘
‘මල්ලියේ මට මේක මගදිම ලිහල බලන්න හිතයි.‘
‘හා..හා.. අයියේ ගෙදර ගිහින් බලනකම් ඕක මග දී බලන්න එපා. පාර්සලයේ තිබෙන දෙයින් බාගයක් මටත් ඕනෑ‘ යැයි සොහොයුරා කියා සිටියේය.
‘හර්..හරි..බං..ඕක ගෙදර ගිහිල්ල කරගන්න බැරියැ.. දෙන්න එක්ක එකට ඇවිල්ල මම තනියම ගන්න සිරිතක් තිබෙනවද..? උඹටත් අසාධාරණයක් නොවන අයුරින් දෙන්න එක්ක බෙදා ගනිමු..‘ පොඩි අයියා කීය.
දෙදෙනා වේගයෙන් පාපැදිය පැද ගෙන නිවෙසට පැමිණි හාමිනේ..හාමිනේ..මෙන්න අපට තෑගි පාර්සලයක් ලැබුණා’ යැයි කියමින් ගෙට ගොඩ වූයේ සිනහ කටක් පුරවා ගෙනය.
දවටන ඉවත් කර පාර්සලය දිග හැර බලන විට එහි තිබූ භාණ්ඩ දැක බිරිය යක්ෂාරූඪ වූවාය. මොනවද ඕයි මේ ගෙනැවිත් තිබෙන්නේ.. මේකෙ ඉන්නේ පූස් පැටව් හය දෙනෙක්.. මගේ යකා අවුස්ස ගන්නෙ නැතුව ගෙන ගොස් තිබූ තැනින් දමල එනවා‘ යැයි බිරිය නියෝග කළාය.
‘මම පාර්සලය මඟදී ලිහල බලන්නැයි හැදුවේ.. එහෙත් මල්ලී ඒකට කැමැති වුණේ නැහැ...එහෙනම් මේක මඟදීම දමල එනවා.. ඒ මදිවට මල්ලිනම් මඟදී කිව්වේ පාර්සලයේ තිබෙන දෙයින් හරියට බාගයක් ඕන කියලයි.
පොඩි අයියා එසේ කියද්දී බිරියගේ කෝපය තව තවත් ඇවිස්සිනි.
බාගයක් නොවෙයි සම්පූර්ණයෙන්ම අරගෙන මගේ දැහැට නොපෙනී වහාම යන්නැයි අයිය මලෝ දෙන්නාට අණ කරද්දී පාර්සලය මග දමා ඒමට දෙදෙනාම ගියේ ‘අනේ බං මල්ලියේ උදේ පාන්දරම කාපු පරිප්පුව කාටවත් කියන්න එපා’ යැයි මල්ලී පොරොන්දු  කර ගනිමිනි.

බළපිටියේ  එස්.ඒ.වයි.ද සිල්වා

 



අදහස් (0)

තෑගි පාර්සලයේ පූස් පැටව් දැක හාමිනේ යක්ෂණියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site