IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ණය පොල්ලට “චූටි කෝටුවක්’’ ගහන්න ගිහින් කොසු පාර කාලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය


පොල්ලක් වෙනුවට ‘‘චූටි කෝටුවක්”‍ ඔබන්න උත්සාහ කළ කපටි තැනැත්තකුට බඩ කට පිරෙන්න එල්ල කළ දෝස් මුරයක් නිසා හදිසියකට කඩේකටවත් ගොඩ වෙන්නට තහනම් වූ සිද්ධියක් පුල්මුඩේ ප්‍රදේශයේ සිංහල ගමක වෙළඳසලකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
ඔහු කපටි කෛරාටික තැනැත්තකු බව ගම් ප්‍රදේශයේ බොහෝ දෙනෙක් නොදැන සිටියහ. එහෙත් එම ප්‍රදේශයේ වෙළඳසල් කීපයක මුදලාලිලා නම් ඔහුගේ කැරැට්ටුව හොඳින් දනිති. 
දවස් දෙක තුනකින් දෙන්නම් කියා පොරොන්දු වී නිවසට බඩු තොගයක්ම අරන් ගියත්, එම පොරොන්දු වූ දිනට තබා වෙනත් දිනයකවත් එම මුදල් මේ දක්වාම ඔහු වෙළඳසලට ගෙවා නැත. 
එක්තරා වෙළඳසලකට රුපියල් තිස් දහසකට වැඩි මුදලක් අහවල් දිනේට දෙන්නම් කියා පොරොන්දු පිට බඩු රැගෙන ගියත්, එම මුදල තවමත් කඩේට ගෙවා නැත. මේ හේතුව නිසා කඩේ මුදලාලි ඔහු සමග සිටියේ පුපුරු ගසන කේන්තියෙනි. 

කඩේට ගෙවීමට තිබෙන එම ණය මුදල්වලට ගමේ ගොඩේ කවුරුත් පවසන්නේ ‘‘පොල්ලක් තිබ්බා”‍ කියාය. 
දිනක් මේ කපටි ණයකාරයා ඔහුගේ කට කන් දෙපැත්තේ ගෑවෙන සේ පළල් සිනහවක් කටේ අලවාගෙන කඩේට ගොඩවිය. ‘‘මගේ ණය මුදල ගෙවන්න වගේ ඇවිල්ල තියෙන්නෙ”‍ යනුවෙන් සිතූ මුදලාලි ද ඔහුට සිනහවකින් සංග්‍රහ කොට, වාඩිවීමට අසල තිබූ පුටුව පෙන්විය. ණයකරුවා කටහඬ අවදි කළේය. ‘‘මුදලාලි ණය මුදල ගෙවන්න ටිකක් කල් ගියා. ඒකට මට සමාවෙන්න. මගේ ණය මුදල මුදලාලිගේ කඩේට ලොකු ‘‘පොල්ලක්”‍ කියලා හිතන්න එපා. මම ඒක ගෙවලා දමනවා. මම අද ආවේ ඒ පොල්ල ළඟින්ම තව ‘‘චූටි කෝටුවක්”‍ ගහගන්න පුළුවන් ද කියලා බලන්න. මම ඒ දෙකම එකවර ගෙවලා දානවා. අම්මපා , මුදලාලි සත්තයි.”‍


මෙය ඇසූ මුදලාලිට යක්ෂයා ආරූඪ වී කෝපය නහුතයටත් එහා පැතිරී ගියේය. වෙළඳසල තුළ බවලත් උදවිය සහ කුඩා දරු දැරියෝ කීපදෙනෙකු ද සිටි වග ඔහුට අමතක විය. මුදලාලි සුද්ද සිංහලෙන් පරුෂ වදනින් ණයකරුවාගේ මවගේ ද නම කියමින්, කොස්සක් අතට අරගෙන ණයකරුවා කඩෙන් එළියට ඇද දමා කොස්සෙන් පහර කීපයක් ගැසුවේය. ණයකරුවා කොසු පාර කාගෙනම අසුරු සැණින් එතැනින් වාෂ්ප විය. 
මේ සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ සියලු‍ දෙනාම ණයකරුවා දකින විට ‘‘මිනිහා අංගිලපු අයියෙක්”‍ යැයි කියනවා පමණක් නොව, හදිසියකට පැනඩෝල් පෙත්තක් ගන්නවත් දැන් ඔහුට කඩේකට ගොඩවෙන්න බැරි තත්වයක් උදාවී ඇති බව දැන ගැනීමට ලැබුණි.



අදහස් (0)

ණය පොල්ලට “චූටි කෝටුවක්’’ ගහන්න ගිහින් කොසු පාර කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site