මොරගොල්ලාගම සිසිර කැලේගම.
විශ්‍රාම යාමේ ප්‍රී්‍රතිය සැමරීමට ඩොලැක්කියක් ගෙනා හිතවතෙකුට යතුරු පැදිය උකස් තැබීමට සිදු වූ පුවතක් මහව ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඔවුහු රාජ්‍ය ආයතනයක සේවය කරන පිරිසකි. සියල්ලෝ එක්ව තම සේවාවේ වගකීම් නිසි ලෙසට ඉටුකිරීමෙහි නිරත වූහ.
එසේ සේවය කළ සේවකයකුට සේවයට සමුදීමට සිදු විය. ඒ ඔහුට අවුරුදු 60 සපිරීම නිමිත්තෙනි. ඔහු ඉන්නකම් එහි ලොකු පොඩි කා අතරෙත් සිත් දිනාගෙන කටයුතු කළ අයෙකි.
මේ නිසා ඔහුගේ සමුදීමේ උත්සවය ඉහළින් සැමරීමට ආයතනයේ පිරිස් ඒකරාශී වූහ.
උත්සවය තබා සමුදීමේ ත්‍යාගයන් පිරිනැමු ඔහු එදින ආයතනයෙන් නික්ම ගියේය.
ඊට පසු දිනක ඔහු නැවත ආයතනය කරා පැමිණියේය.
ඒ සමුගෙන ගිය ඔහුට ආයතනයෙන් කළ සංග්‍රහයට ප්‍රති සංග්‍රහ කිරීමටය.
සියලු දෙනාට තම නිවසට පැමිණෙන ලෙසට ඇරයුම් කර තිබුණි.
ඔවුන් එහි යන අතරේ ගීතයට, සංගීතයට ලැදියාවක් දක්වන සේවකයෙක් ඩොලැක්කියක් රැගෙන ගියේය.
එම නිවසේ කාන්තාවන්ට වෙනම සංග්‍රහය. පිරිමි අයට මත් තොල ගෑමේ සංග්‍රහයන්ය.
කෑමට පෙර සංගීත සාජ්ජය පැවැත්වීම ඒ අතරවාරයේ සිදුවිය.
ඩොලැක්කිය ගෙනා අයම ගීතයක් ගායනා කරමින් ඩොලැක්කිය හැඩ ගැන්වූයේය.
තවත් සේවකයෙකු ඒ අතරවාරයේ ඩොලැක්කිය ඉල්ලා ගත්තේ තමාටද එම හැකියාව ඇති බව පෙන්වීමටය.
සියල්ලෝ ඔහුගේ හැකියාව බැලීමට ඒකරාශී වූහ. ගතවූවේ නිමේෂයකි. ඩොලැක්කිය දෙබෑ විය. සංගීතය නිමා විය.
එය ගමේ හිතවතෙකුගෙන් ඉල්ලා ගත් එකකි. හානියට පත් එකක් හිතවතාට දීමට බැරිය. අලුතින් එකක් ගැනීමට ඔහු අත පිච්චියක්ද නැත. අවසානයේ තම යතුරු පැදියට අදාළ පොත රැගෙන ඔහු උකස් මධ්‍යස්ථානයක් වෙත පිය නැග්ගේය.
වැටුප ගත් සැණින් ඊට අදාළ පොලියත්, මුදලත් ගෙවන්නට පොරොන්දු වූ ඔහු එකී පොත එහි තබා අවැසි මුදල ඉල්ලා ගත්තේය. ප්‍රදේශයේ සංගීත බඩු අලෙවි කරන ස්ථානයකින් අලුතින්ම ඒ ආකාරයේම එකක් මිලදී ගත්තේය.
එය ඩොලක්කිය දුන් සඟයාට ගෙන ගොස් දුන්නේය. ඒ සියල්ල එලෙස විසඳී ඇතත් යතුරුපැදියේ පොත බේරා දෙන තෙක් ‘‘ගෙදර ඩොලැක්කියෙන්’’ දැන් ඔහුට බේරුමක් නැතිලු.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලැක්කි ගහන්න ගිහින් බයික් එකටත් තට්ටු වෙලා