IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩයට් එක බයිට් එකට අරන් ජංජාලයක්

බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ


හෙතෙම කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි. වැටුප් ලැබෙන්නේ සතියකට එක් වරකි.
වැටුප් ගත් දිනට මත්පැන් ස්වල්පයක් පානය කිරීම ඔහුගේ සිරිතකි. මේ කටයුත්ත කරන්නේ බිරියට හොරෙන්ය.
එක් සති අන්තයක වැටුප් ගත් දින මත්පැන් අලෙවිසලකට ගොස් ඔහු මත්පැන් ස්වල්පයක් ගෙන තම බෑගයේ දමාගෙන නගරයට ගොස් නිවසට අවශ්‍ය අඩුම කුඩුම රැගෙන රාත්‍රි ආහාරය සඳහා මුහුදු මාළු ද රැගෙන නිවසට පැමිණියේ ය.
නිවසේ සිටින්නේ තම බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණි.


ඒ අනුව ඔහු මාළු කැබලි අටක් රැගෙන ආවේය. ඒ එක් අයකුට කැබලි දෙක බැගින් ය. බිරිය ඉතා රසවත් ලෙසට මාළු වෑංජනය සකස් කළාය.
ඔහු හොර රහසේ මාළු කැබැල්ලක් ගෙන කාමරයට ගොස් මත්පැන් පානය කළේ මාළු කෑල්ලේ රස බලමින් ය. රාත්‍රී ආහාර ගන්නා වේලාව ළංවූයේය, බිරිය සිවු දෙනාගේම පිඟන්වලට බත් බෙදා මාළු බෙදන්නට සූදානම් විය. එක් මාළු කැබැල්ලක් අඩුය.
මේ ඇහුන ද මාළු මුට්ටියේ කෑල්ලක් අඩුයි. සතෙක් වත් කෑවද දන්නෙ නැහැ. ඒ නිසා මේක බල්ලට දීලා ඔය පොල් සම්බෝලයක් වත් හදා ගෙන අදට කමු බිරිඳ සිය සැමියාට කීවාය.
දෙයියෝ සාක්කි, වැඩේ මාට්ටු. ඔහු තනියම කල්පනා කළේය. 
බිරිය වහා ක්‍රියාත්මක වූවාය. මාළු මුට්ටිය ඇයගේ දෑතින්ම එළියට විසිවෙනවා සැමියා බලා සිටියේ මහත් කනගාටුවෙනි. 

 



අදහස් (1)

ඩයට් එක බයිට් එකට අරන් ජංජාලයක්

Chathuri Sunday, 29 December 2024 04:38 AM

මේක ගොතපු බොරු කතාවක්. මේ වගේ දුප්පත් පවුලක්. මේ කාලේ හැටියට මාලු හට්ටිය එළියට විසිකරයිද? අනිත් එක එයා කෑම පිඟන්වලට බෙදලා ඉවරනේ... බිරිඳට නහයක් නැත්ද කසිප්පු ගඳ නොදැනෙන්න... සමුරන බොරු කතාවක්...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site