IMG-LOGO

‘ඩෝබි’ වැඬේ බේබිගෙන් ගන්න ගිය විදුහල්පති අමාරුවේ

දකුණේ පිටිසර බද විදුහලකට පැමිණි විදුහල්පතිවරයකු තමාගේ කිලිටි ඇඳුම් සේදීම සඳහා පාසල අසල ධනවත්  වැවිලිකරුවකුගේ රූමත් දියණියට යැවීමේ පුවතක් දකුණේ එක්තරා ගම්බද විදුහල්කින් වාර්තා වේ.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 නගරබද විදුහලක සේවය කළ තරුණ  අවිවාහක විදුහල්පතිවරයෙක් දේශපාලන හේතූන් මත ගම්බද කුඩා විදුහලකට ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණ ගුරු නිවාසයේම පදිංචි වූයේය. එම විදුහල ආසන්නයේම තිබුණේ රෙදි සෝදන ඩෝබි නිවසකි.


ඉඩම් හිමි වැවිලිකරුට රූමත්  දියණියක් සිටි අතර ඇයට ගමේ සියලුදෙනා කීවේ ‘බේබි’ යනුවෙනි. රෙදි සෝදන නිවසට ගැමියන් කීවේ ‘පෙත්තරේ’ යනුවෙනි.


 මෙම  විදුහල්පතිවරයා තමාගේ කිළිටි ඇඳුම් සෝදා ගැනීමට ක්‍රමයක් ගැන විමසූ විට ගුරුවරුන් පැවසූවේ පාසල ආසන්නයේ පාලම ළඟ ඇති නිවසට පෙත්තරේට (ඩෝබිලයි ගෙදර) යවන ලෙසය.


පසු දිනෙක විදුහල්පතිවරයාගේ  කිළිටි ඇඳුම් ටික බෑගයක  දමා විදුහලේ දරුවකුට කථාකොට  මේ රෙදි ටික ඉරිදාට පෙර  සෝදා දෙන ලෙස පවසා ඩෝබිලයි ගෙදරට ගෙනගොස් දෙන ලෙස කීය.


 මේ දරුවා ඩෝබි යන්න දන්නේ නැත.  දරුවා හිතුවේ පාලම අසල බේබිට ගෙනගොස් දෙන ලෙස විදුහල්පතිතුමා පැවසූ බවයි.


 දරුවා රෙදි පොට්ටනිය රැගෙන බේබිලාගේ නිවසට යන විට එළියේ රැඳී සිටියේ ඇයගේ මව පමණි. රෙදි මිටිය ඇයට දී මේ රෙදි ටික  බේබිට දෙන ලෙසත් ඉරිදාට ආපසු අවශ්‍ය බව විදුහල්පතිතුමා පැවසූ බවත් කීවේය.


එය ඇසූ බේබිගේ මවට දෙවියන් සිහිවිය. ඇය වෙව්ලමින් දත්මිටි කමින් රෙදි පොදිය ගෙන තාප්පයෙන් එළියට විසි කළේය. මේ සිද්ධිය ගැන පැවසීමට වෙනත් කටයුත්තකට එළියට ගොස් සිටි සැමියාටද පැමිණෙන ලෙස දන්වා සේවකයෙකු යැව්වාය. 


 පසුව රෙදි පොට්ටනිය සොයාගත් දරුවා අඬමින් ආපසු පාසලට ගොස්  සිද්ධිය පැහැදිලි කළේය.


සිද්ධිය ඇසූ විදුහල්පතිවරයාට හීන් දාඩිය දැම්මේය. කර කියාගත හැකි දෙයක් නොමැති වූ  විදුහල්පතිවරයා පාසලේ ගුරුවරියන් දෙදෙනකු ද කැටුව එම නිවසට ගොස් සිදුවූ වැරදීම පවසා බේබිලාගේ මවගෙන් හා පවුලේ සැමගෙන්  බැගෑපත්ව සමාව ගෙන විදුහලට පැමිණ සැනසුම් සුසුමක් හෙලුවේය.


කෙසේ හෝ මේ ගැන දැනගත් විදුහල්පතිගේ හිතවතුන් බේබිට රෙදිටික යවමුදැයි  අසනවිට ඔහු පවසන්නේ ඕන දෙයක් කියාපල්ලා ඕක නං කියන්න එපා යනුවෙනි.


රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

‘ඩෝබි’ වැඬේ බේබිගෙන් ගන්න ගිය විදුහල්පති අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 216 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1713 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site