IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඩෝප් වැඩි වී පවුල් අවුල් වෙන්න ගිහින්


කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අවුරුදුවලට සිය ස්වාමියගේ ගෙදර පැමිණි සේවකයකු එළිවනතුරු සිය නිවස සෙවූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
ඔහු ප්‍රදේශයේ කොන්ත්‍රාත් ගෙන ඉදිකිරීම් සිදු කරන පුද්ගලයකි. සිය සේවකයන්ට ඉතා හොඳින් සලකන ඔහු, වැඩවලදී කෑම බීම ගන්නේද සේවකයන් සමගය. ඔහු අවුරුදු සඳහා සෑම අවුරුද්දකම සංග්‍රහ කටයුතු කරන්නේ අවුරුදු පසු වී දින කිහිපයක් ගත වීමෙන් අනතුරුවය. 
මෙවර අවුරුදුවලටද ඔහු සිය සේවකයන් සඳහා සාදයක් සංවිධානය කර ඇත්තේ සිය නිවසේදීය. අවුරුදු දිනවලදී සේවකයන්ගේ පවුලේ උදවිය සමග පැමිණෙන බැවින් මෙදින පැමිණෙන්නේ සේවක පිරිස පමණකි. 
කෙසේ වෙතත් නියමිත දින සාදය පටන් ගෙන ඇති අතර, සේවකයන් කාර්යයේ මුල් අදියර වන මත්වතුර පානය කිරීමට පටන් ගෙන ඇත. ඇති පදම් මත්වතුර ඇති හෙයින් මත්පැන් පානය සඳහා තදින් ඇබ්බැහි වූ පිරිස් රිසි සේ මත්පැන් පානය කිරීමට පටන් ගෙන තිබේ. මේ අතර සිටි බාසුන්නැහැ කෙනෙකුගේ ගෝලයකු මත්පැන් පානය කළ පසු සිහි විකල්ව කටයුතු කරන බව අත්දැකිමෙන් දන්නා බැවින් ඔහුට අවවාද කර ඇත්තේ නිවසට ආපසු යා යුතු බැවින් ප්‍රමාණවත් ලෙස මත්පැන් පානය කරන ලෙස ය. 
එහි සිටි කිසිවකුගේ බහට කන් නොදුන් ඔහු ඇති පදන් මත්පැන් පානය කර ඇත. මත්පැන් පානය අවසන් වී කෑමට යෑමේ දී ඔහු තුන් වරක් එක තැන කැරකී බිම ඇද වැටී ඇති අතර, සෙසු සේවකයන් ඔහුට මත්ද්‍රව්‍ය පානය කළ ස්ථානයට කෑම ගෙනත් කවා ඔහුව නිදිකර තිබේ.
පසුව අනෙකුත් සේවකයන් සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහු සිය ස්වාමියාගේ ගරාජය තුළ නිදා ගැනීමට පටන් ගෙන තිබේ. පාන්දර ජාමේ පැය කිහිපයකින් වෙරි මත තරමක් හිඳුන පසු ඔහු තමන් සිටින්නේ සිය නිවස අසල කඩයක බව සිතා වෙරි මතින් වැනි වැනි ගොස් සිය ස්වාමියාගේ අසල්වාසියකුගේ නිවසක දොරට තට්ටු කර ඇත්තේ සිය බිරියට ගෙදරට ආමන්ත්‍රණය කරන ‘‘මැණිකේ”‍ යයි කියාය.
නිදි මරගාතේ අවදි වූ එම අසල්වාසීයා මේ ඔහුගේ නිවස නොවන බව පවසා, නැවත ඔහු ගරාජය වෙත ගෙන ගොස් දමා ඇත. නැවත අවදි වූ ඔහු එම නිවසටම ගොස් මැණිකේ යැයි ආමන්ත්‍රණය කරමින් දොරට තට්ටු කර තිබේ. නැවත ද ඔහුව එම අසල්වාසියා ඔහු ගරාජය වෙත ගෙන ගොස් තමා ඇත්තේ සිය බිරිඳ පිළිබඳව ද සැකයෙනි. 


ඒ ඉඳහිට පැමිණි අවස්ථාවල මෙම සේවකයා ඔහුගේ බිරිය සමග කතා කරන අයුරු දැක ඇති හෙයිනි. තුන්වැනි වරටද ඔහු එම නිවසට ගොස් මැණිකේ යැයි ආමන්ත්‍රණය කර ඇති අතර, කේන්ති ගිය අසල්වාසියා සිය බිරියට දෝෂාරෝපණය කර එම සේවකයාගේ ස්වාමියාගේ ගෙදරට ගොස් මේ බව පවසන ලෙසය. කළුවරේම එම නිවසට ගිය ඇය කාරණය පවසා, ‘‘අනේ අයියේ මේ වැඩවලින් අපේ පවුල් ද අවුල් වෙනවා, මේකට මොකක් හරි කරන්න”‍ යයි පවසා ඇත. 
පසුව ඇය සමග පැමිණි එම ගෝලයාගේ ස්වාමියා, ඔහුට දෝෂාරෝපණය කරමින්, පලංචි බඳින කඹයක් ගෙන ඔහු ගරාජයේ කණුවක ගැට ගසා දමා තිබේ. උදෑසන ඔහු ගැන බලද්දී ඔහු එම ස්ථානයෙන් අතුරුදන් වී ඇත්තේ කඹේ ද සලකුණු නොමැතිවය.

 



අදහස් (0)

ඩෝප් වැඩි වී පවුල් අවුල් වෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site