IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ටෙලිෆෝන් පෙම්වතිය සොයාගිය පෙම්වතා ගස් බැන්ද වීඩියෝව කන්තෝරුවේ

කොළඹ ප්‍රදේශයේ රැකියාව කළ ඔහු ‘‘ගෑනු පෙරේතයෙක්’’ ලෙස හැඳින්වූයේ ඔහුගේ මිතුරන්ය. දුරකථනයෙන් තරුණියන්ට ඇමතුම් ලබාදී හිතවත්කම් ඇති  කරගන්නා ඔහු එම තරුණියන්ගෙන් යහමින් මුදල් හදල් මෙන්ම කෑම බීම ඇතුළු අනෙකුත්  අවශ්‍යතා ද පිරිමසා ගත් බව ඔහු  පවසන්නේ වීරකමක් ලෙසය. එම ආයතනයේ බොහෝ දෙනා  ඔහුගේ මෙම මනමාලකම අනුමත නොකළහ.

දිනක් දුරකථනයෙන් අහම්බෙන් හඳුනාගත් තරුණියක සමඟ ගොඩනගා ගත් මිතුරුකමක් දුරදිග ගියේය. තරුණිය රජරට ප්‍රදේශයේ ගමක ජීවත් වූ තරුණියක වූ අතර ඇයගේ ඡායාරූපයක් ද ඔහු ආයතනයේ මිතුරන්ට මහත් උජාරුවෙන් පෙන්වා ඇත. ඇයගේ නම ගම ලිපිනය පවා දැනගත් එම ආයතනයේ සේවකයෙකු එම ගම් පළාතේ සිටින බව ඔහු දැන නොසිටියේය.

ඔහු ජීවත් වූ ගමට කිලෝමීටර් කීපයකට එහා ගමක ජීවත් වූ මෙම තරුණියට, අයියලා දෙදෙනෙකු සිටින බව දන්නා මෙම ආයතනයේ සේවකයා මනමාල කුරුල්ලාට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි කල්පනා කළේය. සියලු තොරතුරු ගමේ අයියලා දෙන්නාට ඔහු දුරකථනයෙන් විස්තර කළේය. සියල්ල සැලසුම් වූයේ ඉන් පසුවය. තරුණිය ප්‍රේමවන්තයාට ගෙදරට පැමිණෙන ලෙස ඇරියුම් කළාය. ආයතනයේ මනමාල කුරුල්ලා රජරට පළාතට යෑමට කෙටි නිවාඩුවක් ලබා ගත්තේය.‘‘ බබා මට අද රතු ලූනු සම්බෝලෙකුයි කරවල බැදුමකුයි හදලා තියන්න හොඳද?’’ යැයි කල්තියාම කෑම ඕඩර් කළේය. පැය ගණනාවකට පසු අනුරාධපුර නරගයට පැමිණ වෙනත් බසයකින් එම ගම් ප්‍රදේශයේ තරුණියගේ නිවස සොයා ගියේය.

කොළඹ ආයතනයේ මිතුරාගේ සැලසුම ක්‍රියාත්මක වී තිබුණි. එදින රාත්‍රී ආහාරයට ‘‘කොළඹ මහත්තයට’’ රතු ලූනු සම්බෝලෙකුයි කරවල බැදුමකුයි බඩ පිරෙන්නටම දී තිබුණේ වෙනස්ම ආකාරයකටය. ඒ සියල්ලම වීඩියෝකරගත් ගමේ අයියලා දෙන්නා කොළඹ මිතුරාගේ ජංගම දුරකථනයට එකෙනෙහිම එවා තිබුණි.

පසුවදා කොළඹ කන්තෝරුවේ පිරිසට දුරකථනයෙන් නරඹන්නට හැකි වූයේ ආයතනයේ සගයෙක් ගසකට තබා ලනුවකින් ගැටගසා බත් කවන දර්ශනයකි.

පසුවදා සිද්ධිය පොලිස් පොතට ද ගොස් තිබුණි. තවමත් එම සේවක තෙමේ රාජකාරියට වාර්තා කර නැතිලු.

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

ටෙලිෆෝන් පෙම්වතිය සොයාගිය පෙම්වතා ගස් බැන්ද වීඩියෝව කන්තෝරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site