IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ටේ්‍රලරයක් හොයන්න ගිහින් අන්තිමේ සවුත්තු වෙලා

(මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිප දෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන් විය. අලුතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට පහළවූයේ ඒ අතරය.


 වාහන බ්‍රෝකර්කෙනකු හමු වූ හෙතෙම මගේ ට්‍රැක්ටරයක් තියෙනවා ටේ්‍රලරයක් හොයා දෙන්නැයි කීවේ විහිලුවක ස්වරූපයෙනි.


දින කිහිපයකට පසු බ්‍රෝකර් කරත්තකරු හමුවීමට ආයේය. හොඳ ටේ්‍රලරයක් තියෙනවා බලන්න යමුයි කියා කැඳවාගෙන ගියේය.


  වාහන අංගණයකට ගිය ඔහු ට්‍රැක්ටර් ටේ්‍රලරයක් පෙන්වා මිල ගණන් පවසද්දී ගැණුම්කරු සිනාසෙන්නට පටන් ගත්තේය. 


“මහත්තයෝ මේක මගේ ට්‍රැක්ටරයට අමුණන්න බැහැ”යි කියද්දී බ්‍රෝකර්කරු විපිලිසර වූයේය. “මම කීවේ මගේ ගොන් නාම්බා බඳින්න කරත්තයක් හොයා දෙන්නනේයි” ඔහු කී විට ‘මෙයා කරත්ත රස්සාව කරන බව මට අමතක වුණානේයි’ මිමිනූ තැරැව්කරු හීන් සීරුවේ එතැනින් මග හැර ගියේ ලජ්ජාව වසා ගන්නටය.



අදහස් (0)

ටේ්‍රලරයක් හොයන්න ගිහින් අන්තිමේ සවුත්තු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 605 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site